නියෝජ්‍ය කතානායක ධුරය මොහොමඩ් රිස්විට – කාරක සභා සභාපති ධුරය කාන්තාවකට

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 10 වැනි පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායක ධුරය මන්ත්‍රී මොහොමඩ් රිස්වි සාලි මහතාට හිමි වුණා.

එම යෝජනාව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් සිදු කරනු ලැබුවා.

එය ස්ථිර කළේ අමාත්‍ය සරෝජා සාවිත්‍රී පෝල්රාජ් විසින්.

එමෙන්ම මෙවර පාර්ලිමේන්තුව තුළ නියෝජ්‍ය කාරක සභා සභාපති ධුරය මන්ත්‍රී හේමාලි වීරසේකර මහත්මිය හට හිමි වුණා.

එම යෝජනාව අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති විසින් සිදු කරනු ලැබුවා.

වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා ලෙස පත් කෙරුණු අතර සභා නායක ධුරය බිමල් රත්නායකට හිමිවුණා.