ජාතික ලැයිස්තුවට රවීගේ නම කොමිසමට යවා ඇත්තේ අනුමැතියකින් තොරවයි – රනිල්

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා රවී කරුණානායකගේ නම මැතිවරණ කොමිෂන් සභාව වෙත යවා ඇත්තේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ පක්ෂවල කිසිදු අනුමැතියකින් තොරව අත්නෝමතික ආකාරයට බව එම පක්ෂයේ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ එම පෙරමුණේ නියෝජිතයන්ට දැනුම් දී තිබෙනවා.

එම පක්ෂයට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 02 සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා එම පෙරමුණේ සියලු පක්ෂ අද (19) පෙරවරුවේ කොළඹ දී රැස්වී තීරණයක් ගැනීමට නියමිතව සිටි බවයි හිටපු ජනාධිපතිවරයා පවසන්නේ.

ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර සම්බන්ධයෙන් වන තීරණය ගැනීමට පෙර පක්ෂයේ ලේකම්වරිය අත්තනෝමතිකව ක්‍රියා කර තිබෙන බවයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කළේ.

රවී කරුණානායක එක්සත් ජාතික පක්ෂ සාමාජිකයෙක් වන අතර, සාමූහික තීරණයකින් තොරව කටයුතු කිරීමට හැකියාවක් නොමැති බව ද හිටපු ජනාධිපතිවරයා සඳහන් කර තිබෙනවා.

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ සියලු පක්ෂවල නියෝජිතයන් රැස් වී ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර සම්බන්ධයෙන් විධිමත් තීරණයක් ගැනීමට නියමිතව තිබිය දී මෙලෙස අත්තනෝමතිකව කටයුතු කිරීම අනුමත කළ නොහැකි බවයි ඔහු පවසන්නේ.

පක්ෂ ලේකම්වරිය මැතිවරණ කොමිෂන් සභාව වෙත යොමුකළ බව කියන ලිපිය පහතින්.

3 2
  1. ඔව්වා තමයි නියම ගේම්. රවීට කියනවා උඹ ලියුම ඇරපන් කියලා. පක්ශෙට කියනවා ආං ඌ ඇරලා කියලා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Dasatha Vimasuma| අනුර ජනාධිපති සුපිරි වැඩක් කරන්නේ..එල්ලුම් ගහට කලින් ඇමතිලා අල්ලන්න ඕනේ
03:47
Video thumbnail
තවත් මිනිහෙක් ගොඩ යනවට අකමැති අපේ ලංකාවේ මිනිස්සු
01:13
Video thumbnail
බදුල්ල බන්ධනාගාරය තුළ හදිසි තත්ත්වයක් ?
01:13
Video thumbnail
මේ මන්ත්‍රීවරයා පැහැදිලිවම අධිකරණයට අපහාස කිරීමක් කළේ - නීතිඥයින්ගෙන් හෙළිදරව්වක්
07:41
Video thumbnail
Dasatha Vimasuma| එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න ඕනි - දැක්කනේ හාමුදුරුවෝ එළියට ආපු හැටි
02:54
Video thumbnail
Dasatha Vimasuma| ඒකාබද්ධ කිය කියා රැස්වීම් තිබ්බට වැඩක් නැහැ..කට වැඩ උන්ගේ අත වැඩ නැහැ
02:43
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් පැවැත්වූ මහාමාර්ග අමාත්‍යාංශයේ අයවැය සාකච්ඡාව
01:30
Video thumbnail
යුක්තිය පසිදලීමේ ක්‍රියාවලිය එක රැයකින් කරන්න බෑ - මේක එක ක්‍රියාමාර්ගයක් විතරයි..තව තියෙනවා
07:33
Video thumbnail
අධිකරණයේ ස්වාධිනත්වයට හානි වෙන්නේ කොහොමද ?අපිට පිළිගන්න බෑ..හුඹස් බියක් ඇතිකරන්නේ
05:57
Video thumbnail
තවත් මිනිහෙක් ගොඩ යනවට අකමැති අපේ ලංකාවේ මිනිස්සු - බලන්නකෝ මනුස්සයා කරන කැත වැඩේ
02:51