AFC Banner
Empty Ad
Empty Ad

ස්කූටියෙන් රෝහලේ වාට්ටුවට කඩා වැදුණු තරුණයන් දෙදෙනා අසාධ්‍ය රෝගියෙකු රැගෙන යයි

ඉන්දියාව මේ වන විටත් එරටින් වාර්තා වන කොරෝනා රෝගීන් හට ප්‍රතිකාර කිරීම සඳහා සෞඛ්‍ය අංශවල උපරිම ධාරිතාවය ඉක්මවා යමින් කටයුතු කරමින් සිටියි.

එවන් අවස්ථාවක ඉන්දියාව තුළ බොහෝ සංවේදී සිදුවීම්ද සමාජ මාධ්‍ය තුළ සැරිසරමින් තිබේ. එවන් සිදුවීමක් ඒෂියන් මිරර් වෙතද හමුවිය.

රෝහලක කොවිඩ්-19 ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටි වයස්ගත පුද්ගලයෙකු හට උපකාර කරන තරුණයන් දෙදෙනෙකු මෙම වීඩියෝවේ සටහන්ව තිබුණි.

එහිදී ඔවුන් විසින් ස්කූටර් වර්ගයේ යතුරුපැදියක් රෝහලේ වාට්ටුව වෙත රැගෙනවිත් වයස්ගත පුද්ගලයාව ඔසවා යතුරු පැදියේ වාඩිකරවා රැගෙන ගොස් තිබේ.

මෙම වයස්ගත පුද්ගලයාව වෛද්‍යවරුන් විසින් රෝහලෙන් මුදාහැරියාද, නැතිනම් ඔහුව වෙනත් රෝහලකට රැගෙන යන ලෙස පවසා සිටියාද යන්න තවම පැහැදිළි වී නොමැත.

මෙම සිදුවීම සම්බන්ධයෙන් ඉන්දීය සමාජ මාධ්‍ය තුළද දැඩි කතාබහක්ද ඇතිව තිබේ. පිරිසක් විසින් රෝහලේ ආරක්ෂිත බව පිළිබඳව එහිදී ප්‍රශ්න කර තිබුණි.

ඉන්දියානු මාධ්‍ය වාර්තා කර තිබුණේ එරට උද්ගතව ඇති අර්බුදකාරී තත්ත්වය හමුවේ මෙවන් සිදුවීම් බොහෝයක් ඉන්දියාවේ නන්දෙසින් වාර්තා වන බවයි.

ඉන්දියාවෙන් දෛනිකව කොරෝනා ආසාදිත රෝගීන් ලක්ෂ 3කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වන අතර මරණ දෙදහසකට ආසන්න සංඛ්‍යාවක්ද වාර්තා කරයි.

එම සිදුවීමේ වීඩියෝව පහතින්,

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?