ස්කූටියෙන් රෝහලේ වාට්ටුවට කඩා වැදුණු තරුණයන් දෙදෙනා අසාධ්‍ය රෝගියෙකු රැගෙන යයි

ඉන්දියාව මේ වන විටත් එරටින් වාර්තා වන කොරෝනා රෝගීන් හට ප්‍රතිකාර කිරීම සඳහා සෞඛ්‍ය අංශවල උපරිම ධාරිතාවය ඉක්මවා යමින් කටයුතු කරමින් සිටියි.

එවන් අවස්ථාවක ඉන්දියාව තුළ බොහෝ සංවේදී සිදුවීම්ද සමාජ මාධ්‍ය තුළ සැරිසරමින් තිබේ. එවන් සිදුවීමක් ඒෂියන් මිරර් වෙතද හමුවිය.

රෝහලක කොවිඩ්-19 ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටි වයස්ගත පුද්ගලයෙකු හට උපකාර කරන තරුණයන් දෙදෙනෙකු මෙම වීඩියෝවේ සටහන්ව තිබුණි.

එහිදී ඔවුන් විසින් ස්කූටර් වර්ගයේ යතුරුපැදියක් රෝහලේ වාට්ටුව වෙත රැගෙනවිත් වයස්ගත පුද්ගලයාව ඔසවා යතුරු පැදියේ වාඩිකරවා රැගෙන ගොස් තිබේ.

මෙම වයස්ගත පුද්ගලයාව වෛද්‍යවරුන් විසින් රෝහලෙන් මුදාහැරියාද, නැතිනම් ඔහුව වෙනත් රෝහලකට රැගෙන යන ලෙස පවසා සිටියාද යන්න තවම පැහැදිළි වී නොමැත.

මෙම සිදුවීම සම්බන්ධයෙන් ඉන්දීය සමාජ මාධ්‍ය තුළද දැඩි කතාබහක්ද ඇතිව තිබේ. පිරිසක් විසින් රෝහලේ ආරක්ෂිත බව පිළිබඳව එහිදී ප්‍රශ්න කර තිබුණි.

ඉන්දියානු මාධ්‍ය වාර්තා කර තිබුණේ එරට උද්ගතව ඇති අර්බුදකාරී තත්ත්වය හමුවේ මෙවන් සිදුවීම් බොහෝයක් ඉන්දියාවේ නන්දෙසින් වාර්තා වන බවයි.

ඉන්දියාවෙන් දෛනිකව කොරෝනා ආසාදිත රෝගීන් ලක්ෂ 3කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වන අතර මරණ දෙදහසකට ආසන්න සංඛ්‍යාවක්ද වාර්තා කරයි.

එම සිදුවීමේ වීඩියෝව පහතින්,

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09