පැරදුණත් ජාතික ලැයිස්තුවෙන් එන්න අවසර තියෙනවා – මැතිවරණ කොමිසම (වීඩියෝ)

මහ මැතිවරණයෙන් ඉදිරිපත් ව මැතිවරණයෙන් පරාජයට පත් වූ අපේක්ෂකයෙකුට ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පිවිසීමට නොහැකි දැයි යන ප්‍රශ්නය මේ වනවිට (16) සමාජයේ දැඩි කතාබහකට ලක් ව තිබෙනවා.

මේ සම්බන්ධයෙන් අදහස් පළ කරමින් මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසුවේ මැතිවරණය සඳහා පක්ෂවලින් ජාතික ලැයිස්තුවෙන් ඉදිරිපත් කර ඇති නාමලේඛනයේ තමන්ට හිමි වූ ආසන සඳහා එක් කළ හැකි ප්‍රමාණය කොමිසම වෙත ලැබීමට සලස්වන ලෙසයි.

එසේ නොමැති නම් යම්කිසි අපේක්ෂයෙකු ඉදිරිපත් වූ දිස්ත්‍රික්කයෙන් මැතිවරණයේ දී පරාජයට පත්ව සිටිය ද; පක්ෂ මහ ලේකම්වරයාගේ අනුමැතිය පවතී නම්; ඔහුට හෝ ඇයට ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පිවිසිය හැකි බව ද මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

කෙසේවෙතත් නාමයෝජනා ලැයිස්තුවේ (මැතිවරණ කොට්ඨාස මට්ටමින්) හෝ ජාතික ලැයිස්තුවේ හෝ සඳහන් කර නොමැති නමක් නම් කිරීමට අවස්ථාවක් නොමැති බව ද සමන් ශ්‍රී රත්නායක මහතා වැඩිදුරටත් පැවසුවා.

එම ප්‍රකාශය ඇතුළත් සම්පූර්ණ වීඩියෝවට මෙතැනින්..

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
2
+1
0
+1
0
+1
0
+1
1
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කහවත දැක්ක ගමන් පොඩි දරුවන් වැද වැටෙන හැටි..සාම පාගමන පුරා ජනතාවට දෙන ආශිර්වාද
02:30
Video thumbnail
මුදල් අමාත්‍යාංශය අසළ උණුසුම් තත්ත්වයක් - හැකර් කොහොමත් හැංඟිලා තමයි මනුස්සයෝ ගේම ගහන්නේ
03:02
Video thumbnail
"කෑගහනවා ඇහිලා දුවලා ගිහින් ලෙඩ්ඩු බැලුවේ"..පෞද්ගලික බස්රථ දෙකක් ගැටී සිදුවූ බිහිසුණු අනතුරක්
03:43
Video thumbnail
ජොන්ස්ටන් එළියට එද්දි මාධ්‍යට කියපු දේ..මාස තුනකින් මේ එළියට එන්නේ.."මාස තුනක් ගිහින්ද ?"
01:09
Video thumbnail
රටේ අනෙකුත් සයිබර් ආරක්ෂාව ගැන තව මොනවා කතා කරන්නද ?..l Sajith Premadasa
06:56
Video thumbnail
සුනිල් වටගල කෝටි 45ක පමණ ලක්සිරි නිවසක් මිලදීගෙන ?..චෝදනා කරද්දි දෙපාරක් හිතලා කරන්න
03:16
Video thumbnail
හිකනල්ලු කෑගැහුවා කියලා හාමුදුරුවරු බයත් නෑ..ශාසනයට අගෞරව කිරීමේ ප්‍රතිඵලය තමයි මේ
04:57
Video thumbnail
ජොන්ස්ටන් හිනාවෙවී එළියට ආ හැටි..සෙනඟක් ඇවිත් ජොන්ස්ටන්ව වට කරයි
01:38
Video thumbnail
හෙට වෙනකොට රාජපක්ෂ කෙනෙක් අත්අඩංගුවට ගන්න..නැත්තම් තිස්සකුට්ටි කුදලන් යන්න
02:09
Video thumbnail
පොහොට්ටුවේ ආණ්ඩුවක් තුළ අනුරට දියයුතු දඬුවම් දෙනවා..තිස්සකුට්ටිගෙන් ආණ්ඩුවට සැර සත්තමක්
07:10