පැරදුණත් ජාතික ලැයිස්තුවෙන් එන්න අවසර තියෙනවා – මැතිවරණ කොමිසම (වීඩියෝ)

මහ මැතිවරණයෙන් ඉදිරිපත් ව මැතිවරණයෙන් පරාජයට පත් වූ අපේක්ෂකයෙකුට ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පිවිසීමට නොහැකි දැයි යන ප්‍රශ්නය මේ වනවිට (16) සමාජයේ දැඩි කතාබහකට ලක් ව තිබෙනවා.

මේ සම්බන්ධයෙන් අදහස් පළ කරමින් මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසුවේ මැතිවරණය සඳහා පක්ෂවලින් ජාතික ලැයිස්තුවෙන් ඉදිරිපත් කර ඇති නාමලේඛනයේ තමන්ට හිමි වූ ආසන සඳහා එක් කළ හැකි ප්‍රමාණය කොමිසම වෙත ලැබීමට සලස්වන ලෙසයි.

එසේ නොමැති නම් යම්කිසි අපේක්ෂයෙකු ඉදිරිපත් වූ දිස්ත්‍රික්කයෙන් මැතිවරණයේ දී පරාජයට පත්ව සිටිය ද; පක්ෂ මහ ලේකම්වරයාගේ අනුමැතිය පවතී නම්; ඔහුට හෝ ඇයට ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පිවිසිය හැකි බව ද මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

කෙසේවෙතත් නාමයෝජනා ලැයිස්තුවේ (මැතිවරණ කොට්ඨාස මට්ටමින්) හෝ ජාතික ලැයිස්තුවේ හෝ සඳහන් කර නොමැති නමක් නම් කිරීමට අවස්ථාවක් නොමැති බව ද සමන් ශ්‍රී රත්නායක මහතා වැඩිදුරටත් පැවසුවා.

එම ප්‍රකාශය ඇතුළත් සම්පූර්ණ වීඩියෝවට මෙතැනින්..

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
2
+1
0
+1
0
+1
0
+1
1
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55


?