2025 IPL වෙන්දේසියට ක්‍රීඩකයින් 574 දෙනෙක් එක්වෙයි (ඡායාරූපය)

ලබන වසරේ පැවැත්වීමට නියමිත ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේ ක්‍රීඩකයින් වෙන්දේසිකරණයට මෙවර ක්‍රීඩකයන් 574 දෙනෙකු ලියාපදිංචි වී ඇති බව වාර්තා වනවා.

ඒ අනුව මෙවර ඉන්දීය ප්‍රීමියර් ලීගය වෙනුවෙන් විදෙස් ක්‍රීඩකයින් 208 දෙනෙකු ඇතුළත්.

ඊට ඉන්දීය ක්‍රීඩකයින් 366 දෙනෙකු එක්වන බවයි වාර්තා වන්නේ.

මෙවර ඉන්දීය ප්‍රීමියර් ලීගය සඳහා වන ක්‍රීඩකයින්ව වෙන්දේසිකරණයට ලක් කිරීම නොවැම්බර් මස 24 හා 25 යන දෙදින සෞදි අරාබියේ ජෙඩා හි දී පැවැත්වීමට නියමිතයි.

25