කෝටි 18ක මත්ද්‍රව්‍ය රට තුළට ගෙන එන්න හැදූ තායි කතක් අල්ලයි

රුපියල් දහඅට කෝටි හැටලක්ෂයක් පමණ වටිනා කුෂ් සහ හෂීෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ තායිලන්ත ජාතික කාන්තාවක්
රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (14) රාත්‍රියේ මෙම 37 හැවිරිදි තායිලන්ත ජාතික කත ගුවන් තොටුපොළ ‘හරිත මාවත’ ඔස්සේ ගුවන් තොටුපොළෙන් පිටටත්ට පැමිණීමට උත්සාහ කිරීමේ දී අත්දන්ගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

මෙම සැකකාරිය ඊයේ රාත්‍රී 11.55ට තායිලන්තයේ බැංකොක් නුවර සිට තායි ගුවන් සේවයේ ටී.ජී.- 307 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

ඇය විසින් රැගෙන ආ ගමන් මලු තුළ කුෂ් සහ හෂීෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 22ක් සඟවා රැගෙන යෑමට උත්සාහ කිරීමේ දී
රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් සිදුකළ පරීක්ෂා කිරීමේ දී සොයාගැනීමට හැකිව තිබෙනවා.

අත්අඩංගුවට ගැනුණු සැකකාර විදෙස් ජාතික කත වැඩිදුර විමර්ශන කටයුතු සදහා කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් වෙත භාරදීමට කටයුතු කර තිබුණා.

ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් අද (15) මෙම කාන්තාව මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් ලබන 22 වනදා දක්වා රඳවා තබා ගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබා ගැනීමටයි කටයුතු කර ඇත්තේ.