මුනාෆ් පටෙල්ට දිල්ලි කැපිටල් කණ්ඩායමේ පුහුණුකාරීත්වයට දොරටුව ඇරෙයි

එළඹෙන ඉන්දියන් ප්‍රීමියර් ලීග් තරගාවලියේ (2025) දිල්ලි කැපිටල්ස් කණ්ඩායමේ පන්දු යැවීමේ පුහුණුකරු ලෙස ඉන්දීය කණ්ඩායමේ හිටපු ක්‍රීඩක මුනාෆ් පටෙල් ගිවිසුම්ගත වී තිබ්නවා.

espncricinfo ක්‍රීඩා මාධ්‍ය වාර්තා කළේ; මුනාෆ් පටෙල් නිල වශයෙන් අද (12) දිනයේ දී දිල්ලි කැපිටල්ස් සමග එක් ව ඇති බවයි.

මුනාෆ් පටෙල් යනු ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමෙන් බිහි වූ විශිෂ්ටතම වේග පන්දු යවන්නෙක්.

හෙතෙම 2018 වර්ෂයේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් නිල වශයෙන් විශ්‍රාම යනු ලැබුවා.

මුනාෆ් පටෙල්ගේ මංගල ඉහළ පෙළේ පුහුණුකරු අවස්ථාව ද මෙය වනවා.

මුනාෆ් පටෙල් එක්දින තරග 70ක දී කඩුලු 86ක් ද, ටෙස්ට් තරග 13ක දී කඩුලු 35ක් සහ පන්දුවාර 20 තරග 03ක දී කඩුලු 04ක් ද බිඳ දමා තිබෙනවා.

දකුණත් මඳ වේග පන්දු යවන්නෙකු ලෙසයි මුනාෆ් පටෙල් සිය වගකීම ඉටු කර ඇත්තේ.