මිදිගම වෙඩි තැබීමේ සිද්ධියට අටදෙනෙක් අල්ලයි – කාන්තාවකුත් ඒ අතර

පසුගිය සැප්තැම්බර් මස 19 වනදා මිදිගම, ගොවියාපාන ප්‍රදේශයේ දී යතුරුපැදියකින් පැමිණ වෙඩිතබා පුද්ගලයෙකු ඝාතනය කර තවත් දෙදෙනෙකුට බරපතළ තුවාල සිදුකළ සිද්ධියට සැකකරුවන් 08 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මාතර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින් ඊයේ (03) වැල්ලවාය, අහංගම සහ මිදිගම යන ප්‍රදේශවල දී මෙම සැකකරුවන් පිරිස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

මේ අතර වෙඩි තැබීමෙන් පසු ගිනි අවිය ප්‍රවාහනය සඳහා යොදාගත් ත්‍රිරෝද රථය ද පොලිසිය විසින් සොයාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

අත්අඩංගුවට ගත් පිරිස අතර සැකකාරියක් ද සිටින අතර, ඇය වයස අවුරුදු 41ක අහංගම ප්‍රදේශයේ පදිංචිකාරිණියක්.

අනෙකුත් සැකකරුවන් 07 දෙනා වයස අවුරුදු 20 ත් 42ත් අතර වයස්වල පසුවන්නන් බවයි පොලිසිය සඳහන් කළේ.

වෙඩි තැබීම සිදුකළ වෙඩික්කරු, වෙඩි තැබීමෙන් පසු පිස්තෝල ගිනි අවිය සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයා සහ අපරාධයට ආධාර අනුබල දුන් හයදෙනෙක් මෙලෙස අත්අඩංගුවට ගැනුණු පිරිස අතරට අයත්.

පිස්තෝල ගිනි අවිය සන්තකයේ තබාගෙන සිටි සැකකරු සන්තකයේ තිබී මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් මුදල් රුපියල් 1,542,000ක් ද සොයාගෙන ඇති අතර, ඔහු විදෙස් රටක සැඟව සිටිමින් මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම සහ සංවිධානාත්මක අපරාධ සිදුකරනු ලබන පුද්ගලයෙකුගේ සමීපතපමයෙක් බවට ද හඳුනාගෙන තිබෙනවා.

මෙම වෙඩි තැබීමෙන් 38 හැවිරිදි මාළු ව්‍යාපාරිකයෙකු ජීවිතක්ෂයට පත් වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56