මිදිගම වෙඩි තැබීමේ සිද්ධියට අටදෙනෙක් අල්ලයි – කාන්තාවකුත් ඒ අතර

පසුගිය සැප්තැම්බර් මස 19 වනදා මිදිගම, ගොවියාපාන ප්‍රදේශයේ දී යතුරුපැදියකින් පැමිණ වෙඩිතබා පුද්ගලයෙකු ඝාතනය කර තවත් දෙදෙනෙකුට බරපතළ තුවාල සිදුකළ සිද්ධියට සැකකරුවන් 08 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මාතර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින් ඊයේ (03) වැල්ලවාය, අහංගම සහ මිදිගම යන ප්‍රදේශවල දී මෙම සැකකරුවන් පිරිස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

මේ අතර වෙඩි තැබීමෙන් පසු ගිනි අවිය ප්‍රවාහනය සඳහා යොදාගත් ත්‍රිරෝද රථය ද පොලිසිය විසින් සොයාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

අත්අඩංගුවට ගත් පිරිස අතර සැකකාරියක් ද සිටින අතර, ඇය වයස අවුරුදු 41ක අහංගම ප්‍රදේශයේ පදිංචිකාරිණියක්.

අනෙකුත් සැකකරුවන් 07 දෙනා වයස අවුරුදු 20 ත් 42ත් අතර වයස්වල පසුවන්නන් බවයි පොලිසිය සඳහන් කළේ.

වෙඩි තැබීම සිදුකළ වෙඩික්කරු, වෙඩි තැබීමෙන් පසු පිස්තෝල ගිනි අවිය සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයා සහ අපරාධයට ආධාර අනුබල දුන් හයදෙනෙක් මෙලෙස අත්අඩංගුවට ගැනුණු පිරිස අතරට අයත්.

පිස්තෝල ගිනි අවිය සන්තකයේ තබාගෙන සිටි සැකකරු සන්තකයේ තිබී මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් මුදල් රුපියල් 1,542,000ක් ද සොයාගෙන ඇති අතර, ඔහු විදෙස් රටක සැඟව සිටිමින් මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම සහ සංවිධානාත්මක අපරාධ සිදුකරනු ලබන පුද්ගලයෙකුගේ සමීපතපමයෙක් බවට ද හඳුනාගෙන තිබෙනවා.

මෙම වෙඩි තැබීමෙන් 38 හැවිරිදි මාළු ව්‍යාපාරිකයෙකු ජීවිතක්ෂයට පත් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02


?