වාහන අංක තහඩු නිකුත් කිරීම තාවකාලිකව නවතී

අංක තහඩු මුද්‍රණය කරනු ලබන සමාගමට මුදල් ගෙවීම ප්‍රමාදවීම හේතුවෙන් වාහන සඳහා අංක තහඩු නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

අදාළ ගෙවීම් සඳහා කඩිනමින් අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාගැනීමට නියමිත බවයි මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා පැවසුවේ.

එම කටයුතු එළඹෙන සතිය වන විට අවසන් කිරීමට අපේක්ෂා කරන බවයි කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් සදහන් කර සිටියේ.

වාහන අංක තහඩු නිකුත් නොකරන කාලසීමාව තුළ පත්‍රිකාවක මුද්‍රණය කොට ලියාපදිංචි වාහන අංකය ප්‍රදර්ශනය කිරීමට වාහන හිමිකරුවන්ට තාවකාලික අවසරයක් ලබා දී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?