AFC Banner
Empty Ad
Empty Ad

ශ්‍රී ලංකාව ආසියානු දැල්පන්දු ශූරතා තරගාවලියේ අවසන් මහා තරගයට

2024 ආසියානු දැල්පන්දු ශූරතා තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකා දැල් පන්දු කණ්ඩායමට අද (26) හැකියාව ලැබුණා.

ඒ, තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගයේදී හොංකොං කණ්ඩායම පරාජය කරමින්.

ශ්‍රී ලංකාව, හොංකොං කණ්ඩායම පරදා මෙම තරගය ජයගත්තේ ලකුණු 71ට 47ක් ලෙසයි.

තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගය සිංගප්පූරු කණ්ඩායම සහ මැලේසියාව අතර මේ වනවිට ඉන්දියාවේ බැංගලෝර් හිදී පැවැත්වෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?