AFC Banner
Empty Ad
Empty Ad

ලංකාව බලන්න ආ ඊශ්‍රායල සංචාරකයින් පිරිසක් මෙරටින් පිටව යයි

ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම සඳහා මෙරටට පැමිණ සිටි ඊශ්‍රායල ජාතිකයන් 22 දෙනෙකු අද (24) අලුයම කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගොස් තිබෙනවා.

අප ගුවන්තොටුපොළ වාර්තාකරු පැවසුවේ; මෙරට නැගෙනහිර ප්‍රදේශයේ පිහිටි ආරුගම්බෙ ප්‍රදේශයට එල්ල වීමට සැලසුම් කර තිබූ ත්‍රස්ත ප්‍රහාරයක් පිළිබඳ ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති කාර්යාලය මෙන්ම ඊශ්‍රායල රජය විසින් ද ශ්‍රී ලංකාව තුළ තවදුරටත් රැඳී සිටීම අවදානම් බව ප්‍රකාශ කිරීමත් සමග, ඊශ්‍රායල ජාතිකයන් පිරිසක් ආරක්ෂිතව කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙනවිත්, ඔවුන් පිටත් කර හැරීම සඳහා පියවර ගෙන ඇති බවයි.

මෙම ඊශ්‍රායල ජාතිකයන් පිරිස අද අලුයම 03.03 ට ඩුබායි බලා ෆ්ලයි ඩුබායි ගුවන් සේවයේ එෆ්.ඉසෙඩ්.- 570 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගොස් තිබෙනවා.

කටුනායක ගුවන් තොටුපොළ සිට නියමිත කාලසටහනකට අනුව ඊශ්‍රායලය වෙත ගමන් කරන ගුවන් යානා නොමැති නිසා, මෙම ඊශ්‍රායල ජාතිකයන් පිරිස ඩුබායි වෙත ගොස් , එතැන් සිට ඊශ්‍රායලයේ ටෙල්අවිව් හෝ ජෙරුසෙලම ගුවන් තොටුපොළ බලා පිටත්ව යාමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
6
+1
0
+1
1
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වැටුපක් නොමැතිව රට ගොඩගන්න එන රතන හිමි -මේ රට කොයි පැත්තට යයිද කියලා හිතාගන්න බෑ
03:03
Video thumbnail
අරුගම්බේ සිද්ධිය ගැන විජිත හේරත් හදිසියේ මාද්‍යට කළ ප්‍රකාශය #arugambe #vijithaherath #npp
01:12
Video thumbnail
පාස්කු ප්‍රහාරය එක්කෙනෙක් බලයට එන්න කරපු මගුලක් කියලා රටම දන්නවා #pasku
01:44
Video thumbnail
2019 ජොන්ස්ටන්ට එරෙහිව අනුර දාපු නඩුව අද විභාගයට ගැනෙයි
03:15
Video thumbnail
හිටපු පොලිස්පති කාලෙකට පස්සේ කරළියට
08:50
Video thumbnail
Breaking news 🛑අරුගම්බේ සිද්ධිය ගැන අසද් සාලිගේන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්
05:04
Video thumbnail
කුඩු වලින් තොර අම්බලංගොඩක් - මෙන්න ජනපතිගෙන් ලැබුන උපදෙස
01:54
Video thumbnail
හිටපු ඇමති කංචනට හොඳටම තදවෙයි
31:04
Video thumbnail
උගන්ඩාවට ගෙනිච්ච සල්ලි - ඇයි නැවත ගේන්න ප්‍රමාද ?
02:36
Video thumbnail
CIDයට ගෙනිල්ලා කටඋත්තර නෙවෙයිකන්දෙකෙ විදලා මේ වහලේ එල්ලුවත් යන්තන් කට වැඩ කරොත් - අපි දේශපාලනය කරනවා
04:54

?