ලංකාව බලන්න ආ ඊශ්‍රායල සංචාරකයින් පිරිසක් මෙරටින් පිටව යයි

ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම සඳහා මෙරටට පැමිණ සිටි ඊශ්‍රායල ජාතිකයන් 22 දෙනෙකු අද (24) අලුයම කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගොස් තිබෙනවා.

අප ගුවන්තොටුපොළ වාර්තාකරු පැවසුවේ; මෙරට නැගෙනහිර ප්‍රදේශයේ පිහිටි ආරුගම්බෙ ප්‍රදේශයට එල්ල වීමට සැලසුම් කර තිබූ ත්‍රස්ත ප්‍රහාරයක් පිළිබඳ ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති කාර්යාලය මෙන්ම ඊශ්‍රායල රජය විසින් ද ශ්‍රී ලංකාව තුළ තවදුරටත් රැඳී සිටීම අවදානම් බව ප්‍රකාශ කිරීමත් සමග, ඊශ්‍රායල ජාතිකයන් පිරිසක් ආරක්ෂිතව කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙනවිත්, ඔවුන් පිටත් කර හැරීම සඳහා පියවර ගෙන ඇති බවයි.

මෙම ඊශ්‍රායල ජාතිකයන් පිරිස අද අලුයම 03.03 ට ඩුබායි බලා ෆ්ලයි ඩුබායි ගුවන් සේවයේ එෆ්.ඉසෙඩ්.- 570 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගොස් තිබෙනවා.

කටුනායක ගුවන් තොටුපොළ සිට නියමිත කාලසටහනකට අනුව ඊශ්‍රායලය වෙත ගමන් කරන ගුවන් යානා නොමැති නිසා, මෙම ඊශ්‍රායල ජාතිකයන් පිරිස ඩුබායි වෙත ගොස් , එතැන් සිට ඊශ්‍රායලයේ ටෙල්අවිව් හෝ ජෙරුසෙලම ගුවන් තොටුපොළ බලා පිටත්ව යාමට නියමිතයි.

  1. ඔහොම ප්‍රශ්නයක් නැති දවස් වලට සාමාන්‍යයෙන් කී දෙනෙක් විතර මෙහෙන් යනවාද දන්නේ නෑ නේද..