AFC Banner
Empty Ad
Empty Ad

ඩයනාගේ හොර පාස්පෝට් නඩුව විභාගයට දින දෙයි

ආගමන විගමන පාලකවරයා වෙත ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීම හා ආගමන විගමන පනත උල්ලංඝනය කළ බව කියන සිද්ධියකට අදාළව හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේට එරෙහිව පවරා ඇති චෝදනා 7ක් ඇතුළත් නඩු 7හි සාක්ෂි විභාගය ලබන වසරේ පෙබරවාරි 07 වැනිදා ආරම්භ කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා දින නියම කළා.

නඩුවල සාක්ෂි විභාගය අද (24) ආරම්භ කිරීමට දින නියම කර තිබුණත් ඩයනා ගමගේ මහත්මියගේ නීතිඥවරයා අසනීප වීම හේතුවෙන් වෙනත් දිනයක් ලබාදෙන ලෙස කළ ඉල්ලීමක් සලකා බැලු ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නඩු විභාගය කල් තැබීමටයි නියෝග කළේ.

නඩුව කැඳවනු ලැබු අවස්ථාවේ දී විත්තිකාර ඩයනා ගමගේ සහ සාක්ෂිකරුවන් අඅධිකරණය හමුවේ පෙනී සිටියා.

සිද්ධියේ සාක්ෂිකරුවන් දෙදෙනෙකුට එදිනට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා නොතීසි නිකුත් කරන ලෙස ද පසුගිය නඩු වාරයේ දී නියෝග කෙරුණා.

සාක්ෂිකරුවන් වන ආගමන විගමන පාලක ජනරාල්වරයාට හා කොළඹ මහාධිකරණ නඩු භාණ්ඩ කාමරයේ භාරකරුට එසේ නොතීසි නිකුත් කළ බවයි දසත අධිකරණ වාර්තාකරු පැවසුවේ.

අදාළ සාක්ෂිකරුවන් දෙදෙනාට එදිනට අධිකරණය හමුවේ පෙනී සිටීම සඳහා නොතීසි නිකුත් කරන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මෝසමක් ඉදිරිපත් කරමින් කළ ඉල්ලීමක් සලකා බලමින් අධිකරණයෙන් එසේ නියම වුණා.

ඉහත සඳහන් කළ සිද්ධිය සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ උපදෙස් ප්‍රකාරව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඩයනා ගමගේ මහත්මියට එරෙහිව ගොනුකර තිබූ චෝදනා 7 පසුගිය නඩු වාරයේදී අධිකරණය හමුවේ කියවා දුන් අවස්ථාවේදී ඇය එම චෝදනාවන්ට නිවැරදිකාරිය බව එසේ ප්‍රකාශ කිරීම සැලකිල්ලට ගනිමින් මෙම නඩු විභාගය ආරම්භ කිරීමට නියමිතයි.

එම චෝදනා හතට තමන් නිවැරදිකාරිය බවට සැකකාර ගමගේ මහත්මිය අධිකරණය හමුවේ ප්‍රකාශ කිරීමෙන් අනතුරුව ඇයව රුපියල් ලක්ෂ 5ක මුදල් හා රුපියල් මිලියන 10ක ශරීර වටිනා පෙර නියම කළ ඇප දෙකක් මත ඇය මුදා හරින ලෙස ද මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.

2016 වසරේ ජූලි මස 14 වැනි දින සිට 2017 ජූලි මස 16 වැනි දින අතර කාලය තුළ වලංගු වීසා බලපත්‍රයක් නොමැතිව මෙරට තුළ රැඳී සිටීම,2018 ජූලි මස 17 දින සිට 2019 ජූලි මස16 දින කාලය අතරතුර වලංගු වීසා බලපත්‍රයක් නොමැතිව මෙරට තුළ රැඳී සිටීම,2020 ජූලි මස 16 දින හා 2020 නොවැම්බර් මස 1 කාලය අතරතුර වලංගු වීසා බලපත්‍රයක් නොමැතිව මෙරට තුළ රැඳී සිටීම,2020 ජූලි මස 17 වැනි දින සිට 2020 නොවැම්බර් මස පළමුවැනි දින දක්වා කාලය අතරතුර වලංගු වීසා බලපත්‍රයක් නොමැතිව මෙරට තුළ රැඳී සිටීම,2014 ජනවාරි මස 20 දින හෝ ඊට ආසන්න දිනකදී බත්තරමුල්ලේ පිහිටි ආගමන විගමන දෙපාර්තමේන්තුවට එන් 5091386 අංකය දරණ විදේශ ගමන් බලපත්‍රයක් නිකුත් කිරීමට අදාළ අයදුම් පත්‍රයක් ඉදිරිපත් කිරීමේදී ආගමන විගමන පාලකවරයා හට අසත්‍ය ප්‍රකාශ ඉදිරිපත් කිරීම, ඇතුළු චෝදනා හතකට අදාළව නීතිපතිවරයාගේ උපදෙස් ප්‍රකාරව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ඇයට එරෙහිව අධිකරණය හමුවේ ගොනුකර තිබූ චෝදනාවන් ය.

බ්‍රිතාන්‍ය පුරවැසිකමක් හිමි ඩයනා ගමගේ මහත්මියට මෙරට පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුරයක් දැරීමට නුසුදුසු අයකු බවට සමාජ ක්‍රියාකාරිකයකු වන ඕෂල හේරත් මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර තිබූ අතර එම පෙත්සමක් සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය ඉකුත් මැයි මස 8 වන දින ඇය මන්ත්‍රී ධුරයක් දැරීමට නුසුදුසු අයෙකු බවට ඉකුත් මැයි මස 8 වන දින නියෝගයක් ද නිකුත් කර තිබුණා.

එම නියෝගයෙන් අනතුරුව ඩයනා ගමගේ මහත්මිය නීතිඥවරයෙකු මගින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා වෙත භාරවීමෙන් අනතුරුව ඇයට එසේ ඇප නියම වූ බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Breaking News🛑නාමල් රාජපක්ෂ CIDයට ගෙන්වයි #breakingnews #namalrajapaksha
00:31
Video thumbnail
අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය බත්තරමුල්ල දෙවනක් කරයි...#hariniamarasooriya #npp #akd
16:36
Video thumbnail
මව් බිමේදී 15වෙනි වතාවටත් කොදෙව්වන් දණ ගැස්සු සිංහයින් ගැන වනිඳු කිව්ව කතාව #srilankacricket
09:04
Video thumbnail
අපි බලමු සිංහල අවුරුදු කන හැටි - හොඳ දේට හොඳයි කියලා මම විපක්ෂයේ ඉඳන් අත උස්සනවා
02:54
Video thumbnail
පාසකු ප්‍රහාරයේ මහා මොළකරු හොයනවා නම් අපි අත් දෙකම උස්සනවා #akd #pasku
04:42
Video thumbnail
ජනාධිපතිටත් ජීවිත තර්ජනයක් ? - රටේ ජනාධිපති ආරක්ෂා විය යුතුයි #anurakumaradissanayake #akd #npp
01:50
Video thumbnail
ආරුගම්බේ සිද්ධිය ගැන ආන්දෝලනාත්මක ප්‍රකාශයක් #arugambe #gotabayarajapaksa
05:27
Video thumbnail
පෙම්වතියන්ගෙන් අනිසි දේවල් බලාපොරොත්තු වෙන්න එපා
04:53
Video thumbnail
රට හදන්නේ නැතුව අපි හැරෙන්නේ නෑ
04:04
Video thumbnail
මහවැව නගර මැද්දේ විශාල ගින්නක්
01:16

?