ඩයනාගේ හොර පාස්පෝට් නඩුව විභාගයට දින දෙයි

ආගමන විගමන පාලකවරයා වෙත ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීම හා ආගමන විගමන පනත උල්ලංඝනය කළ බව කියන සිද්ධියකට අදාළව හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේට එරෙහිව පවරා ඇති චෝදනා 7ක් ඇතුළත් නඩු 7හි සාක්ෂි විභාගය ලබන වසරේ පෙබරවාරි 07 වැනිදා ආරම්භ කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා දින නියම කළා.

නඩුවල සාක්ෂි විභාගය අද (24) ආරම්භ කිරීමට දින නියම කර තිබුණත් ඩයනා ගමගේ මහත්මියගේ නීතිඥවරයා අසනීප වීම හේතුවෙන් වෙනත් දිනයක් ලබාදෙන ලෙස කළ ඉල්ලීමක් සලකා බැලු ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නඩු විභාගය කල් තැබීමටයි නියෝග කළේ.

නඩුව කැඳවනු ලැබු අවස්ථාවේ දී විත්තිකාර ඩයනා ගමගේ සහ සාක්ෂිකරුවන් අඅධිකරණය හමුවේ පෙනී සිටියා.

සිද්ධියේ සාක්ෂිකරුවන් දෙදෙනෙකුට එදිනට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා නොතීසි නිකුත් කරන ලෙස ද පසුගිය නඩු වාරයේ දී නියෝග කෙරුණා.

සාක්ෂිකරුවන් වන ආගමන විගමන පාලක ජනරාල්වරයාට හා කොළඹ මහාධිකරණ නඩු භාණ්ඩ කාමරයේ භාරකරුට එසේ නොතීසි නිකුත් කළ බවයි දසත අධිකරණ වාර්තාකරු පැවසුවේ.

අදාළ සාක්ෂිකරුවන් දෙදෙනාට එදිනට අධිකරණය හමුවේ පෙනී සිටීම සඳහා නොතීසි නිකුත් කරන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මෝසමක් ඉදිරිපත් කරමින් කළ ඉල්ලීමක් සලකා බලමින් අධිකරණයෙන් එසේ නියම වුණා.

ඉහත සඳහන් කළ සිද්ධිය සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ උපදෙස් ප්‍රකාරව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඩයනා ගමගේ මහත්මියට එරෙහිව ගොනුකර තිබූ චෝදනා 7 පසුගිය නඩු වාරයේදී අධිකරණය හමුවේ කියවා දුන් අවස්ථාවේදී ඇය එම චෝදනාවන්ට නිවැරදිකාරිය බව එසේ ප්‍රකාශ කිරීම සැලකිල්ලට ගනිමින් මෙම නඩු විභාගය ආරම්භ කිරීමට නියමිතයි.

එම චෝදනා හතට තමන් නිවැරදිකාරිය බවට සැකකාර ගමගේ මහත්මිය අධිකරණය හමුවේ ප්‍රකාශ කිරීමෙන් අනතුරුව ඇයව රුපියල් ලක්ෂ 5ක මුදල් හා රුපියල් මිලියන 10ක ශරීර වටිනා පෙර නියම කළ ඇප දෙකක් මත ඇය මුදා හරින ලෙස ද මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.

2016 වසරේ ජූලි මස 14 වැනි දින සිට 2017 ජූලි මස 16 වැනි දින අතර කාලය තුළ වලංගු වීසා බලපත්‍රයක් නොමැතිව මෙරට තුළ රැඳී සිටීම,2018 ජූලි මස 17 දින සිට 2019 ජූලි මස16 දින කාලය අතරතුර වලංගු වීසා බලපත්‍රයක් නොමැතිව මෙරට තුළ රැඳී සිටීම,2020 ජූලි මස 16 දින හා 2020 නොවැම්බර් මස 1 කාලය අතරතුර වලංගු වීසා බලපත්‍රයක් නොමැතිව මෙරට තුළ රැඳී සිටීම,2020 ජූලි මස 17 වැනි දින සිට 2020 නොවැම්බර් මස පළමුවැනි දින දක්වා කාලය අතරතුර වලංගු වීසා බලපත්‍රයක් නොමැතිව මෙරට තුළ රැඳී සිටීම,2014 ජනවාරි මස 20 දින හෝ ඊට ආසන්න දිනකදී බත්තරමුල්ලේ පිහිටි ආගමන විගමන දෙපාර්තමේන්තුවට එන් 5091386 අංකය දරණ විදේශ ගමන් බලපත්‍රයක් නිකුත් කිරීමට අදාළ අයදුම් පත්‍රයක් ඉදිරිපත් කිරීමේදී ආගමන විගමන පාලකවරයා හට අසත්‍ය ප්‍රකාශ ඉදිරිපත් කිරීම, ඇතුළු චෝදනා හතකට අදාළව නීතිපතිවරයාගේ උපදෙස් ප්‍රකාරව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ඇයට එරෙහිව අධිකරණය හමුවේ ගොනුකර තිබූ චෝදනාවන් ය.

බ්‍රිතාන්‍ය පුරවැසිකමක් හිමි ඩයනා ගමගේ මහත්මියට මෙරට පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුරයක් දැරීමට නුසුදුසු අයකු බවට සමාජ ක්‍රියාකාරිකයකු වන ඕෂල හේරත් මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර තිබූ අතර එම පෙත්සමක් සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය ඉකුත් මැයි මස 8 වන දින ඇය මන්ත්‍රී ධුරයක් දැරීමට නුසුදුසු අයෙකු බවට ඉකුත් මැයි මස 8 වන දින නියෝගයක් ද නිකුත් කර තිබුණා.

එම නියෝගයෙන් අනතුරුව ඩයනා ගමගේ මහත්මිය නීතිඥවරයෙකු මගින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා වෙත භාරවීමෙන් අනතුරුව ඇයට එසේ ඇප නියම වූ බවයි වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46
Video thumbnail
BOI එක ආයෝජනවලට දාන්න පුළුවන් ලොකුම බාධා ටික දානවා - එන ටිකත් අවට රටවල්වලට යොමු කරනවා
03:35
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30