UPATE:- ජොන්ස්ටන් ප්‍රනාන්දු කොටුව අධිකරණය හමුවට(වීඩියෝ)

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාව අද (23) පස්වරුවේ අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.

හිටපු අමාත්‍යවරයාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට පමුණුවා ඇති බවයි වාර්තා වන්නේ.

—————————————————————————————–

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මීට ටික වේලාවකට පෙර (23) ඒ මහතා කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් බවයි වාර්තා වන්නේ.

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට අයත් බව කියන සුඛෝපභෝගී වාහනයක් තරු පන්තියේ හෝටල් පරිශ්‍රයක නවතා තිබියදී සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙනුයි ඔහුව අද පස්වරුවේ අත්අඩංගුවට ගෙන ඇත්තේ.

සමුපකාර වෙළෙඳ අමාත්‍යවරයාව සිටිමින් රාජකාරියට පරිබාහිරව සිය සේවකයන් දේශපාලන කටයුතු සඳහා යෙදවීම තුළින් රජයට පාඩුවක් සිදු කළ බවට කියන සිද්ධිය සම්බන්ධයෙන් වන නඩුවට අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු යන අයට කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා
අද පෙරවරුවේ වරෙන්තු නිකුත් කරනු ලැබුවා.

අල්ලස් කොමිසම විසින් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව ගොනුකර තිබෙන එම නඩුව අද දින අධිකරණය හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදියි මෙම නියෝගය නිකුත් කෙරුණේ.

එහිදී විත්තිකාර හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු යන අය අධිකරණය හමුවේ පෙනී නොසිටි අතර ඔහු BMW වාහනේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා අද දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හමුවේ පෙනී සිටින බවට ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණයට ප්‍රකාශ කර සිටියා.

කරුණු සලකා බැලූ විනිසුරුවරයා ජොන්ස්ටන් ප්‍රනාන්දු යන අයට වරෙන්තු නිකුත් කළ අතර මෙම නඩුව ලබන ජනවාරි මස 27 වන දින නැවත කැඳවීමට ද නියම කළා.

එම නඩුවන්ට අදාළවයි හිටපු අමාත්‍යවරයාව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සමන්තභද්‍ර හිමිගෙන් ආණ්ඩුවට සැර සත්තමක් - ආණ්ඩුව අනවශ්‍ය ප්‍රශ්නයක් පටලගත්තේ..උද්දච්චයිනේ
06:04
Video thumbnail
මේ පනත් දෙක මර්දනකාරි ගමනේ නිවුන් සහෝදරයෝ වගේ - මහේස්ත්‍රාත්ගේ බලයත් යටපත් කරන්න පුළුවන් ?
13:21
Video thumbnail
කතරගම දේවාලයට අයත් ඉඩමකදී තරුණයෙක් වෙ# තබා ඝා#නය කරලා - එහි පරික්ෂණ සිදුකරන අයුරු
01:18
Video thumbnail
විහාර මහාදේවී උද්‍යානයේ භික්ෂු සත්‍යග්‍රහයේ නවතම දර්ශන - සම්බුද්ධ පූජාව පූජා කරයි
03:08
Video thumbnail
නාමල් සුවඳ අරගෙන ගමින් ගමට එනවා - පාපිසි කුණු බක්කියට දාන කාලය හරි..අපි ආණ්ඩුව එක්ක හැප්පෙනවා
06:55
Video thumbnail
තලල්ල වෙරළෙන් සොයාගත් මලුවල අයිස් තිබෙන බවට සැකයක් - වෙරළට දැඩි ආරක්ෂාවක් දමා ඇති අයුරු
01:41
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි..බෙංගාල බොක්කේ සුළි කුණාටු තත්ත්වයක් ?
06:11
Video thumbnail
රට ආරක්ෂා කරනවා කියලා ඇවිත් බෞද්ධ ආගමට ග#නවා - අපිට නඩු දැම්මට අපි බය වෙන්නේ නෑ
04:52
Video thumbnail
මුළු කළුතරම සලිත කරමින් වෙරළ තීරයෙන් හමුවූ නාඳුනන නිසල සිරුර
00:37
Video thumbnail
අනුරාධපුර පූජා නගරයට වෙන්න යන දේ මෙන්න..ප්‍රබල හෙළිදරව්වක් - රුවන්වැලිසෑය නිකම් ස්මාරකයක් කරලා
07:19