UPATE:- ජොන්ස්ටන් ප්‍රනාන්දු කොටුව අධිකරණය හමුවට(වීඩියෝ)

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාව අද (23) පස්වරුවේ අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.

හිටපු අමාත්‍යවරයාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට පමුණුවා ඇති බවයි වාර්තා වන්නේ.

—————————————————————————————–

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මීට ටික වේලාවකට පෙර (23) ඒ මහතා කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් බවයි වාර්තා වන්නේ.

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට අයත් බව කියන සුඛෝපභෝගී වාහනයක් තරු පන්තියේ හෝටල් පරිශ්‍රයක නවතා තිබියදී සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙනුයි ඔහුව අද පස්වරුවේ අත්අඩංගුවට ගෙන ඇත්තේ.

සමුපකාර වෙළෙඳ අමාත්‍යවරයාව සිටිමින් රාජකාරියට පරිබාහිරව සිය සේවකයන් දේශපාලන කටයුතු සඳහා යෙදවීම තුළින් රජයට පාඩුවක් සිදු කළ බවට කියන සිද්ධිය සම්බන්ධයෙන් වන නඩුවට අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු යන අයට කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා
අද පෙරවරුවේ වරෙන්තු නිකුත් කරනු ලැබුවා.

අල්ලස් කොමිසම විසින් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව ගොනුකර තිබෙන එම නඩුව අද දින අධිකරණය හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදියි මෙම නියෝගය නිකුත් කෙරුණේ.

එහිදී විත්තිකාර හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු යන අය අධිකරණය හමුවේ පෙනී නොසිටි අතර ඔහු BMW වාහනේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා අද දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හමුවේ පෙනී සිටින බවට ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණයට ප්‍රකාශ කර සිටියා.

කරුණු සලකා බැලූ විනිසුරුවරයා ජොන්ස්ටන් ප්‍රනාන්දු යන අයට වරෙන්තු නිකුත් කළ අතර මෙම නඩුව ලබන ජනවාරි මස 27 වන දින නැවත කැඳවීමට ද නියම කළා.

එම නඩුවන්ට අදාළවයි හිටපු අමාත්‍යවරයාව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අද දිනයෙත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - කාලගුණයේ නවතම තත්ත්වය මෙන්න
04:33
Video thumbnail
ගමේ මිනිස්සුම පාරට බැහැලා මුළු ගමටම දුන්න සුපිරි සුද්දය
03:12
Video thumbnail
"මල්ලි යන්න එපා..ඔයා බය නැතුව ඉන්න"- අලියෙක් ආහාර සොයා වාහනය පැත්තට දුවගෙන එන හැටි
00:57
Video thumbnail
කෝටි තුනකට වැඩි රත්‍රං පාර්සල් කරලා ශරීරයේ හංගගෙන ලංකාවට ඇවිත්
00:45
Video thumbnail
මෙහෙයුම කළ නිලධාරින්ට ඕලුගලගෙන් ප්‍රශංසා - ඝා#නයකට යමින් සිටි දෙදෙනෙක් කොස්ගොඩදී අත්අඩංගුවට
01:17
Video thumbnail
අගමැතිතුමියට දූ දරුවන්ගෙන් ලැබුණු ආදරය
01:12
Video thumbnail
දඩාස් ගාලා සද්දයක් ඇහුණා - කෑලි විසිවුණා
01:51
Video thumbnail
රුපියල් කෝටි 2ක් වටිනා මත්කුඩු ගනේමුල්ල පොලිසියෙන් අල්ලයි
00:30
Video thumbnail
රුපියල් කෝටි 2ක් වටිනා මත්කුඩු ගනේමුල්ල පොලිසියෙන් අල්ලයි
00:34
Video thumbnail
ලංකාවේ පාසල් පද්ධතිය බරපතළ අභියෝගයකට ලක්වෙලා තියෙන්නේ
06:33