ද්විත්ව පුරවැසියෙකුගෙන් අල්ලස් ඉල්ලූ නැගෙනහිර පළාත් ආදායම් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයා සිපිරිගෙට

ඉඩමක් සඳහා ගෙවිය යුතු රජයේ මුද්දර ගාස්තු මුදල අඩුකර සකස් කරදීම සඳහා ඉංජිනේරුවරයෙකුගෙන් රුපියල් ලක්ෂ දෙකක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් බව කියන නැගෙනහිර පළාත් ආදායම් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයා නොවැම්බර් මස 5 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (22) නියෝග කළා.

ශ්‍රී ලංකාවේ හා ඩෙන්මාර්කයේ ද්විත්ව පුරවැසියෙකු බව කියන චෙන්කලඩි පදිංචි සුහර්පිල්ලේ කැබරියන් මහතා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත කරන ලද පැමිණිල්ලක් අනුව සැකකාර පුද්ගලයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එසේ රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි නියම කෙරුණේ.

පැමිණිලිකාර පුද්ගලයා ඩෙන්මාර්කය සිට නිවාඩුවක් ගතකිරීම සඳහා මෙරටට පැමිණි අවස්ථාවේදී චෙන්කලඩි ප්‍රදේශයේ පිහිටි පර්චස් 65ක ඉඩමක් මිලියන 10 ට මිල දී ගෙන ඇති බව ද ඒ සඳහා රුපියල් හය ලක්ෂක මුදලක් මුද්දර ගාස්තු වශයෙන් ගෙවා ඇති බව ද විමර්ශන නිලධාරීන් අධිකරණයට දැන්වුවා.

ඉඩම ලබාගත් පැමිණිලිකාර පුද්ගලයා එම ඉඩම බලා ගැනීම සඳහා ඔහුගේ සහෝදරයකුට භාරදී නැවත ඩෙන්මාර්කය බලා පිටත්ව ගොස් ඇති අවස්ථාවක ඉහත සඳහන් කළ නියෝජ්‍ය කොමසාරිස්වරයා එම ඉඩම බලාගත් පැමිණිලිකරුගේ සහෝදරයාට දුරකථන ඇමතුමක් ලබා දී එම ඉඩමේ වටිනාකමට අදාළ මුද්දර ගාස්තු ගෙවා නොමැති බව දැනුම්දී ඇති බව පැමිණියකරු තම කොමිසන් සභාව වෙත දැනුම් දුන් බව ද විමර්ශන නිලධාරීන් අධිකරණය හමුවේ ප්‍රකාශ කළා.

එම ඉඩමේ තක්සේරු වටිනාකම රුපියල් දෙකෝටි හැටපන් ලක්ෂයක් බවත් ඒ සඳහා මුද්‍දර ගාස්තුව වශයෙන් රුපියල් අටලක්ෂයක් ගෙවිය යුතු බවට නියෝජ්‍ය කොමසාරිස්වරයා පැමිණිලිකරුගේ සහෝදරයාට දැනුම් දීමෙන් අනතුරුව ඔහු ඒ බව විදෙස්ගතව සිටින ඉඩමේ හිමිකරු වන පැමිණිලිකරුට දන්නවා ඇති බව ද විමර්ශන නිලධාරීන් අධිකරණයට දැක්වූ කරුණුවලින් හෙළි වුණු බවයි අධිකරණ වාර්තාකරු සඳහන් කළේ.

එම මුද්දර ගාස්තු සඳහා ගෙවිය යුතු රුපියල් අටලක්ෂයක මුදල රුපියල් දෙලක්ෂ පනස්දහස දක්වා අඩුකරදීමට අවශ්‍ය කටයුතු කරදීම සඳහා රුපියල් ලක්ෂ දෙකක මුදලක් තමන්ට ලබා දෙන ලෙස සැකකාර නියෝජ්‍ය කොමසාරිස්වරයා පැමිණිලිකරුගේ සහෝදරයාට දැනුම්දී ඇති බවත් පසුව එම සහෝදරයා විදෙස්ගතව සිටින පැමිණිලිකරුට සිද්ධිය සම්බන්ධයෙන් දැනුම්දී ඇති බව ද එම නිලධාරීන් අධිකරණයට දැනුම්දුන්නා.

ඒ අනුව විදෙස්ගතව සිටි පැමිණිලිකාර පුද්ගලයා මෙරටට පැමිණීමෙන් පසුව සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණිලි කර ඇති බවත් එම නිලධාරීන් ලබා දී තිබෙන උපදෙස් අනුව පැමිණිලිකාර පුද්ගලයා පසුගිය 15වන දින පෙරවරුවේ නැගෙනහිර පළාත් ආදායම් කාර්යාලයට ගොස් නියෝජ්‍ය කොමසාරිස්වරයාට අදාල අල්ලස් මුදල ලබාදීමට තැත් කිරීමේ දී කොමිසමේ නිලධාරීන් විසින් ඔහුව අත්අඩංගුවට ගෙන ඇති බව ද විමර්ශන නිලධාරීන් අධිකරණයට දැක්වූ කරුණුවලින් හෙළි වුණා.

එම නිලධාරීන් අධිකරණයට දැක්වූ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සැකකාර නියෝජ්‍ය කොමසාරිස්වරයා නොවැම්බර් මස 5 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසටයි දැනුම්දුන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්චුනාගෙන් උගන්ඩා අක්කට සැර හින්ට් එකක්..Underwear එකේ ඉදන් අරන් තියෙන්නේ ණයට නේද?
03:37
Video thumbnail
මෝ#යෙක් නොවී වාඩිවෙනවා ඕයි..කෝට්බෝට් දාන් හිටියට තමුන් මහ හොරෙක්..චමින්දගෙන් මහින්දට සැර සත්තමක්
02:38
Video thumbnail
කෙහෙළිය රඹුක්වැල්ලගේ වැඩිමහල් දියණිය අත්අඩංගුවට..Mask එකත් දාගෙන යන හැටි
01:31
Video thumbnail
මහින්දගේ නම ඇහුනම ගොඩක් අයට මූත්‍රා යනවා..අර්චුනාගෙන් සැර කින්ඩියක්
01:08
Video thumbnail
අද බිමල්ට මේ මිනිස්සුන්ගෙ දුක විහිළුවක් වෙලා..ආනන්ද පාලිතගෙන් සැර සත්තමක්
04:10
Video thumbnail
🔴Breaking News
01:35
Video thumbnail
හදිසි නීතිය නිසා දයාසිරි කුපිත වී පාර්ලිමේන්තුව දෙවනත් කරයි..මේ රටේ සංස්කෘතික විනාශයක් වෙන්නේ
08:09
Video thumbnail
මොන තරම් විරාජමානව වැජඹුනත් හැම කෙනාම නීතියේ හමුවට ගේනවා..ජනපතිගෙන් සැර කතාවක්
06:39
Video thumbnail
දත්ත කේන්ද්‍රීයව නෙවෙයි ද මේ ණය වැඩසටහන් ක්‍රියාත්මක වෙන්නේ..?සජිත් කුපිත වී හොඳටම කියයි
01:42
Video thumbnail
කවුද කතරගම ගිහින් පොල් ගැ#වේ..ත්‍රිකුණාමල සිද්ධියට හරිනි විපක්ෂයට කට උත්තර නැතිවෙන්න දෙසයි
08:32


?