හොර පැය දමා හවස 02ට බෙහෙත් දෙන කවුළු වසා ගෙදර පනින අපේක්ෂා රෝහලේ වංචනික සේවකයෝ (වීඩියෝ)

රටක සංවර්ධනය යනු ඒ රටේ දේශපාලනික, ආර්ථික, සමාජ පමණක් නොව සෞඛ්‍ය ක්ෂේත්‍රයෙන් ද ප්‍රවර්ධන තත්ත්වයකට පත්වීමයි.

සංවර්ධනය වෙමින් පවතින රටක ඉහත සඳහන් සෑම ක්ෂේත්‍රයක් ම සංවර්ධනයට ලක් කළ යුතු වන අතර එහිදී දූෂණයෙන්, වංචාවෙන් තොර වීම නියත කාරණයක්.

නමුත් සුවහසක් අහිංසක ජීවිත එක් මොහොතක් හෝ ජීවත් වන්නට පණ යදින මෙරට ප්‍රමුඛ පෙළේ රෝහල් සංකීර්ණයක් වන මහරගම අපේක්ෂා රෝහලේ ඖෂධ ගබඩා සංකීර්ණයේ තත්ත්වය නම් අතිශය ඛේදනීය ඉරණමකට මුහුණ පා ඇති බවට දසත ”SEARCH LIGHT” වෙත රහස්‍යගත තොරතුරක් දර්ශන සහිතවම වාර්තා වුණා.

රජයෙන් සේවකයෙකු වෙනුවෙන් වැටුපක් මාසිකව ගෙවනු ලබන්නේ වැඩ කළ යුතු පැය ගණන ආවරණය කරන්නේ නම් පමණයි.

නමුත් අපේක්ෂා රෝහලේ ඖෂධ ලබාදෙන ගබඩා සංකීර්ණයේ සේවක සේවකයින් සෑම දිනකම පස්වරු 04 වීමටත් පෙර සිය රාජකාරි නිමා කර නිවෙස් වෙතට යාම පුරුද්දක් බවට පත්කරගෙන තිබෙනවා.

එහි ඇති වංචනික ම කාරණය වන්නේ; ඔවුන් රාජකාරියට පැමිණීම හා පිටවීමේ වේලාවන් සඳහන් කරන ලේඛනවල තබන සටහනයි.

එනම්; ඖෂධ ලබාදෙන ගබඩා සංකීර්ණයේ සේවක සේවකයින් සියලුම දෙනා රාජකාරි ස්ථානයේ දොරවල් ඉබි යතුරු ලා පස්වරු 02 වන විට නිවෙස් වෙත යන්නේ බැහැර ව යෑමේ පොත්පතෙහි රාජකාරි නිමකළ වේලාව ලෙස 18 පැය සටහන් කරමින්.

මෙවන් වංචනික සේවකයින් රොත්තක් සිටින මහරගම අපේක්ෂා රෝහලේ ඖෂධ ලබාදෙන ගබඩා සංකීර්ණය එම රෝහලෙන් මොහොතක් හෝ ජීවත් වන්නට වරම් යදින අසරණ රෝගීන්ට සිදු කර ඇත්තේ මරු කැඳවීමක් නොවේද?

ඖෂධ ලබාගැනීමට ඖෂධ ගබඩාව වෙත යන රෝගීන් පස්වරු 3-4 වන විට නැවති හැරී එන්නේ එම ඖෂධ ලබාදෙන කවුළු වසා දමා ඇති බව සඳහන් කරමින්.

මීට අමතරව අපේක්ෂා රෝහලේ පිළිකා නාශක ධූලක ඖෂධ පිළියෙළ කිරීමේ ඒකකයේ සිටින ඖෂධවේදීන් විසින් සැකසිය යුතු ඖෂධ සිලින්ජර්වලට දමා හෙදියන් විසින් සිය වාට්ටු වෙත රැගෙනවිත් සේලයින් බෝතල්වලට ඒවා පුරවන බවටයි තොරතුරු වාර්තා වන්නේ.

අපරික්ෂාකාරී අයුරින් රසායනාගාර තුළ පිරවීම් සිදු කළ ඖෂධ පිරවීම් රෝහල් වාට්ටු තුළ වෙනත් පාර්ශ්වයක් විසින් සිදු කරනු ලැබීම ම ජීවිතය ගැන අපේක්ෂාවක් දරා පැමිණෙන අහිංසක රෝගීන්ගේ ජීවිත තවදුරටත් අනතුරක හෙලීමක් නොවේදැයි ඇසිය යුතු පැනයකි.

ඖෂධවේදීන්ගේ රැකියාව හෙදියන් සිදු කිරීමට යන්නේ ඖෂධවේදීන් විසින් ඒ සඳහා අතිකාල දීමනා ඉල්ලා සිටීමත් එය නොලැබීම මත ඔවුන් රාජකාරිය පැහැර හරින බවට රෝහල් ආරංචි මාර්ග පවසනවා.

නමුත් සත්‍ය තොරතුරු නම් රසායනාගාර ඖෂධවේදීන් හට ඖෂධ පිරවීම් සඳහා සහ පිළියෙල කිරීම සඳහා ඉල්ලූ අතිකාල දීමනා මේ වනවිට ලබා දී අවසන් බවට ද දසත සර්ච් ලයිට් වෙත ලැබුණු ලියකියවිලින් තහවුරු වනවා.

මෙවන් පසුබිමක් තුළ ඇතැම් රෝහල් සේවකයින් පවසන්නේ ඖෂධ ලබාදෙන ගබඩා සංකීර්ණයේ පාතාල වර්ගයේ ක්‍රියාකලාපය හේතුවෙනුත්, රෝහලේ කෝටි ගණන් වටිනා ඇතැම් යන්ත්‍ර භාවිත කිරීමෙන් තොරව කාමරවල වසා දමා ඇති බවත්; එතුළින් පීඩාවට පත් ව ඇත්තේ අපේක්ෂා රෝහලට ප්‍රතිකාර ලැබීමට පැමිණෙන අහිංසක රෝගීන් බවයි.

මෙම වංචනික සිදුවීම් පිළිබඳව මෙතැන් සිට හෝ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් ප්‍රමුඛ සෞඛ්‍ය අමාත්‍යාංශය සේ ම ජනාධිපති හා අග්‍රාමාත්‍යවරියගේ අවධානය යොමු වනු ඇතැයි දසත සර්ච් ලයිට් අපි දැඩි අවධානයෙන්..!



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56