AFC Banner
Empty Ad
Empty Ad

සාමනේර හිමිනමක් ගෙළ වැළලාගෙන

බලංගොඩ, කල්තොට, මොළමුරේ ප්‍රදේශයේ නිවසක් තුළ ගෙළ වැළලාගෙන සාමනේර හිමිනමක් අපවත් වී තිබෙනවා.

12 හැවිරිදි වියේ පසුවූ සාමනේර හිමිනමක් මෙලෙස සියදිවි හානිකරගෙන ඇති බවයි බලංගොඩ දසත නිව්ස් වාර්තාකරු සඳහන් කළේ.

කල්තොට පොලිසිය පැවසුවේ මෙම සාමනේර හිමිනම ඊයේ (14) රාත්‍රියේ මෙලෙස සියදිවි හානිකරගෙන ඇති බවයි.

අදාළ හිමිනම පැවිදිවීමට පෙර මව්පියන් සමඟ රැඳී සිටි නිවස තුළ දී මෙලෙස ගෙළ වැළලාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මළ සිරුර පශ්චාත් මරණ පරික්ෂණ සදහා බලංගොඩ මූලික රෝහලට රැගෙන ඒමට කල්තොට පොලිසිය කටයුතු කර තිබෙනවා.

කල්තොට පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?