AFC Banner
Empty Ad
Empty Ad

කළුතර සිට මරදානට එන කෝච්චියක ගින්නක් – කොළඹත් දුම්රියක් පීලි පනී

දකුණු කළුතර සිට මරදාන දක්වා ධාවනය වන සීඝ්‍රගාමී දුම්රියක අද (15) උදෑසන ගින්නක් හටගෙන තිබෙනවා.

දුම්රියේ පිටුපස එන්ජිමේ කොටසක මෙම ගින්න හටගෙන ඇති බවයි වාර්තා වුණේ.

මෙම ගින්න පාලනය කිරීමට දුම්රිය ස්ථානයේ නිලධාරීන් සහ දුම්රිය නියාමකවරුන් කටයුතු කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ගින්නෙන් එන්ජිමට බරපතළ හානියක් සිදුව නොමැති අතර, මේ වන විට දුම්රිය දකුණු කළුතර දුම්රිය ස්ථානයේ නවතා තිබෙනවා.

මේ අතර කොළඹ කොටුව සහ මරදාන දුම්රිය ස්ථාන අතර දුම්රියක් පීලිපැනීමක් හේතුවෙන් දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබෙනවා.

මඩකලපුව සිට කොටුව බලා ධාවනය වූ මීනගයා නගරාන්තර දුම්රියේ එන්ජිම අද (15) උදෑසන මෙලෙස පීලිපැනීමකට ලක්ව ඇති බවයි වාර්තා වුණේ.

මේ හේතුවෙන් කොළඹ කොටුව සහ මරදාන අතර දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබෙනවා.

ඒ, අනුව ප්‍රධාන මාර්ගයේ දුම්රිය සහ මුහුදුබඩ මාර්ගයේ; දුම්රිය ධාවනයේ ප්‍රමාදයන් සිදුවිය හැකි බවයි දුම්රිය දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
2
+1
0
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?