AFC Banner
Empty Ad
Empty Ad

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සිව්වන තරගයත් පරාදයි

කාන්තා පන්දුවාර 20 -20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අඛණ්ඩව සිව්වන පරාජයත් වැළඳගන්නට ශ්‍රී ලංකා කණ්ඩායමට අද (12) සිදු වුණා.

ඒ, තරගාවලියේ මූලික වටයේ ශ්‍රී ලංකාව මුහුණ දුන් අවසන් තරගය නවසීලන්ත ක්‍රීඩිකාවන් ඉදිරියේ කඩුලු 08කින් පරාජයට පත් වෙමින්.

මෙම තරගයේ දී පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් නියමිත පන්දුවාර 20 තුළ කඩුලු පහක් දැවී ලකුණු 115ක් රැස් කළා.

අනතුරුව පන්දු 120ක් තුළ ලකුණු 116ක පහසු ඉලක්කයක් හඹා ගිය නවසීලන්ත ක්‍රීඩිකාවන් එම ඉලක්කය පන්දුවාර 17යි පන්දු 03ක් තුළ කඩුලු 02ක් පමණක් දැවී පසුකර යමින් තරගය ජය ගත්තා.

එහිදී අර්ධ ශතකයක් රැස්කළ ජෝර්ජියා ප්ලිමර් නවසීලන්ත ඉනිමේ වැඩිම ලකුණු ලාභිනිය බවට පත් වුණා.

සචිනි නිසංසලා සහ චමරි අතපත්තු නවසීලන්ත ඉනිමේ බිඳ වැටුණු කඩුලු දෙකේ හිමිකරිනියන් බවට පත් වුණා.

ඒ, අනුව මෙම තරගය ද පරාජය වූ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට ලෝක කුසලානයෙන් නිල වශයෙන් ඉවතට විසි වී ගියා.

මෙවර 20-20 ලෝක කුසලාන තරගාවලියේ A කාණ්ඩයෙන් තරග වැදුණු ශ්‍රී ලංකාව පාකිස්ථානය, ඕස්ට්‍රේලියාව සහ ඉන්දියාව හමුවේ මූලික වටයේ මීට පෙර පැවති තරග තුනේ දී පරාජය වුණා.

2 5
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?