ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සිව්වන තරගයත් පරාදයි

කාන්තා පන්දුවාර 20 -20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අඛණ්ඩව සිව්වන පරාජයත් වැළඳගන්නට ශ්‍රී ලංකා කණ්ඩායමට අද (12) සිදු වුණා.

ඒ, තරගාවලියේ මූලික වටයේ ශ්‍රී ලංකාව මුහුණ දුන් අවසන් තරගය නවසීලන්ත ක්‍රීඩිකාවන් ඉදිරියේ කඩුලු 08කින් පරාජයට පත් වෙමින්.

මෙම තරගයේ දී පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් නියමිත පන්දුවාර 20 තුළ කඩුලු පහක් දැවී ලකුණු 115ක් රැස් කළා.

අනතුරුව පන්දු 120ක් තුළ ලකුණු 116ක පහසු ඉලක්කයක් හඹා ගිය නවසීලන්ත ක්‍රීඩිකාවන් එම ඉලක්කය පන්දුවාර 17යි පන්දු 03ක් තුළ කඩුලු 02ක් පමණක් දැවී පසුකර යමින් තරගය ජය ගත්තා.

එහිදී අර්ධ ශතකයක් රැස්කළ ජෝර්ජියා ප්ලිමර් නවසීලන්ත ඉනිමේ වැඩිම ලකුණු ලාභිනිය බවට පත් වුණා.

සචිනි නිසංසලා සහ චමරි අතපත්තු නවසීලන්ත ඉනිමේ බිඳ වැටුණු කඩුලු දෙකේ හිමිකරිනියන් බවට පත් වුණා.

ඒ, අනුව මෙම තරගය ද පරාජය වූ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට ලෝක කුසලානයෙන් නිල වශයෙන් ඉවතට විසි වී ගියා.

මෙවර 20-20 ලෝක කුසලාන තරගාවලියේ A කාණ්ඩයෙන් තරග වැදුණු ශ්‍රී ලංකාව පාකිස්ථානය, ඕස්ට්‍රේලියාව සහ ඉන්දියාව හමුවේ මූලික වටයේ මීට පෙර පැවති තරග තුනේ දී පරාජය වුණා.

2 5
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
1
+1
0
+1
1
+1
3
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මුජිබුර් ආණ්ඩුව කටඋත්තර නැතිවෙන්නම අමතයි
11:46
Video thumbnail
"අභියෝග කරනවා ගබඩාවල තෙල් නෑ" ඉන්ධන ගැන ආනන්ද පාලිතගෙන් ප්‍රබල හෙළිදරව්වක්..
08:11
Video thumbnail
සජිත් විපක්ෂයේ ප්‍රබලයෝ එක්ක හදිසි සාකච්ඡාවක
02:37
Video thumbnail
යතුරුපැදියක් තෙල් ෆුල් ටෑන්ක් කරගෙන එද්දි මහ පාරෙම ගිනිබත් වෙයි
01:08
Video thumbnail
අපිට ළිං වලින් තෙල් ගන්න බෑනේ - මේකට මුහුණදෙන්න වෙනවා
16:47
Video thumbnail
ශ්‍රී පාද රක්ෂිතයේ හදිසියේම ඇතිවූ ලැව් ගින්න..දෙවියනේ..විශාල ප්‍රදේශයක් ගිනිබත්වෙලා
01:26
Video thumbnail
මැදපෙරදිග යුදමය තත්ත්වය ගැන ජනාධිපතිතුමාගෙන් විශේෂ ප්‍රකාශයක්
14:37
Video thumbnail
ජනාධිපතිතුමා හදිසියේම පාර්ලිමේන්තුවට ගොඩවෙයි
04:29
Video thumbnail
විපක්ෂයේ සෙට් එක සභාව මැද ඩෙගා නටයි
00:59
Video thumbnail
පෝලිම්වල ඉන්න එපා - තෙල් හිඟයක් ඇතිවෙන්නේ නෑ
05:23