නායයෑම්, බෑවුම් කඩා වැටීම් ගැන රතු එළියක් – කළුතරත් අවදානමේ (නිවේදන)

ඇදහැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් ජාතික ගොඩනැගිලි පර්‍යේෂණ සංවිධානය විසින් නායයෑම් පිළිබඳ ව අදියර 1 යටතේ විශේෂ නිවේදනයුක් නිකුත් කර තිබෙනවා.

එම නිවේදනයේ දැක්වෙන්නේ පසුගිය පැය 24ක කාලය තුළ වර්ෂාපතනය මිලිමීටර් 75 ඉක්මවා ඇති බැවින් වර්ෂාව තවදුරටත් පවතින හෙයින් නායයෑම්, බෑවුම් කඩා වැටීමේ, ගල් පෙරළීමේ, පස් කණ්ඩි කඩා වැටීමේ සහ පොළොව ගිලා බැසීමේ අවදානම් පිළිබඳ ව සැලකිල්ලෙන් පසුවන ලෙසයි.

එමෙන්ම කළුතර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකකය විසින් ද ගංවතුර ආපදා තත්ත්වයක් ඇති විය හැකි බැවින් නාවික හමුදා, ජීවිත ආරක්ෂක කණ්ඩායම් ස්ථානගත කිරීම සම්බන්ධයෙන් ද විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එහි දැක්වෙන්නේ මේ වනවිට කළුතර දිස්ත්‍රික්කයට ඇති වී ඇති අයහපත් කාලගුණික තත්ත්වය සැලකිල්ලට ගෙන හා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද දිනට ඉදිරිපත් කර ඇති වාර්තාව අනුව තද වැසි බලාපොරොත්තු විය හැකි බවයි.

එබැවින් එම තත්ත්වය උත්සන්න වුවහොත් කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක හදිසි ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පවතින බැවින් ඒ පිළිබඳ ව අවධානය යොමු කරන ලෙසට ද දැනුම් දී තිබෙනවා.

එවැනි හදිසි ගංවතුර තත්ත්වයක් ඇතිවුවහොත් ජනතාව ඉන් මුදවා ගැනීම හා ක්ෂණිකව ක්‍රියාත්මක වීමේ අවශ්‍යතාවන් මතුවන අතර නාවික හමුදා ජීවිත ආරක්ෂක කණ්ඩායම් හදිසි අවශ්‍යතාවක දී ස්ථානගත කිරීමට අවශ්‍යතාවක් මතුවුවහොත් එහිදී ඇති වන සුළු හෝ ප්‍රමාදයක් වළක්වා ගැනීම සඳහ අපෙර අනුමැතියක් නාවික හමුදා මූලස්ථානය වෙතින් ලබාගෙන තිබීම තුළින් පෙරකී ප්‍රමාදයන් මගහරවා ගනිමින් ජීවිත ආරක්ෂක කණ්ඩායම් කඩිනමින් ස්ථානගත කිරීමට හැකියාවක් පවතින බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

මේ අතර අද දිනයේ දී මිලිමීටර් 150කට අධික වර්ෂාපතනයක් ද ඇදහැලීමේ අවස්ථාවක් ඇති බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා.

ආපදා සම්බන්ධයෙන් නිකුත් කළ සම්පූර්ණ නිවේදන මෙතැනින්..



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
25ස් හැවිරිදී තරුණයෙකු එළොව යැවූ බිහිසුණු අනතුර
00:38
Video thumbnail
අත්තිඩියේදී කාර් රථයක් හදිසියේම ගිනිගන්නා අයුරු
01:10
Video thumbnail
අත්තිඩියේදී කාර් රථයක් හදිසියේම ගිනිගන්නා අයුරු - දෙවියනේ..මහ ගින්නක්
01:24
Video thumbnail
"කරුණාකරලා යන්න.. මෙතන ඉන්න එපා.. මොන එහෙකටද ඇම්බියුලන්ස් ගෙන්නුවේ."
01:09
Video thumbnail
ඇම්බියුලන්ස් එකක් නිසා සජිත්ට යකා නගියි - ඇයි අර ඇම්බියුලන්ස්..කරුණාකරලා යන්න ඉස්පිරිතාලෙට
02:25
Video thumbnail
නංගිව පෙන්නලා ආච්චිව දෙන්නයි යන්නේ..ආච්චි භයානකයි..රනිල් කවුද? අනිල් කවුද?
02:37
Video thumbnail
හිමි නමක් කොට්ටහච්චිට දෙසයි - පාස්පෝට් එකක් අරගෙන ගිහින් උගන්ඩාවේ සල්ලි අරන් එන්ඩ...?
03:21
Video thumbnail
ජිනානන්ද හිමිගෙන් ආණ්ඩුවට චෝදනා - පැලවත්තේ කල්ලිය රටට එරෙහි කුමන්ත්‍රණයක් කරනවා ?
01:38
Video thumbnail
පිරිසිදු ජල සිහිනය සිහිනයක්ම නොවෙන්න දුන් සජිත් ප්‍රේමදාස - ගොඩක් පින් සිද්ධවෙනවා..උතුම් වැඩක්
03:38
Video thumbnail
අනුර සහෝදරයෝ පාස්පෝට් එක දීලා කොට්ටහච්චිව යවන්න සල්ලි ගේන්න උගණ්ඩාවට..
00:22