AFC Banner
Empty Ad
Empty Ad

හියාරේ දී මත්පැන් ස්කාගාර වටලා සැකකරුවන් 05 දෙනෙකු අත්අඩංගුවට

කොළඹ විශේෂ සුරාබදු මෙහෙයුම් ඒකකය (දීපව්‍යාප්ත) විසින් ගාල්ල – හියාරේ කෝඹල රක්ෂිත ප්‍රදේශයේ දී සිදු කරන ලද විශේෂ වැටලීම් ද්විත්වයකින් නීතිවිරෝධී මත්පැන් (ස්කාගාර) වටලා පුද්ගලයින් 05 දෙනෙකු අත් අඩංගුවට ගෙන තිබෙනවා.

දසත වාර්තාකරු සඳහන් කළේ; මෙම වැටලීම් ඊයේ (08) රාත්‍රියේ සහ අද (09) උදෑසන සිදු කළ බවයි.

වැටලීම්වලින් මිලිලීටර් ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක කසිප්පු ප්‍රමාණයක් සොයා ගැනුණා.

එම ප්‍රදේශයේ පිහිටි කැලෑබද කොටසක දිගු කාලයක සිට මෙම මත්පැන් නිෂ්පාදන ජාවාරම සිදු කරන බවට ලද තොරතුරකට අනුවයි වැටලීම සිදු කර ඇත්තේ.

නීතිවිරෝධී ලෙස පවත්වාගෙන ගිය මත්පැන් පෙරන ස්ප්‍රීතු ස්කාගාර 05ක් හා ස්ප්‍රීතු ළඟ තබා ගැනීම් 25 ක් මෙම වැටලීමේ දී නීතියේ රැහැනට හසු ව තිබෙනවා.

මෙහිදී මත්පැන් නිෂ්පාදනයට යොදාගන්නා බැරල්, දඟර ආදිය ද අත්අඩංගුවට ගත් අතර සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව විශේෂ සුරාබදු මෙහෙයුම් ඒකකය පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?