හියාරේ දී මත්පැන් ස්කාගාර වටලා සැකකරුවන් 05 දෙනෙකු අත්අඩංගුවට

කොළඹ විශේෂ සුරාබදු මෙහෙයුම් ඒකකය (දීපව්‍යාප්ත) විසින් ගාල්ල – හියාරේ කෝඹල රක්ෂිත ප්‍රදේශයේ දී සිදු කරන ලද විශේෂ වැටලීම් ද්විත්වයකින් නීතිවිරෝධී මත්පැන් (ස්කාගාර) වටලා පුද්ගලයින් 05 දෙනෙකු අත් අඩංගුවට ගෙන තිබෙනවා.

දසත වාර්තාකරු සඳහන් කළේ; මෙම වැටලීම් ඊයේ (08) රාත්‍රියේ සහ අද (09) උදෑසන සිදු කළ බවයි.

වැටලීම්වලින් මිලිලීටර් ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක කසිප්පු ප්‍රමාණයක් සොයා ගැනුණා.

එම ප්‍රදේශයේ පිහිටි කැලෑබද කොටසක දිගු කාලයක සිට මෙම මත්පැන් නිෂ්පාදන ජාවාරම සිදු කරන බවට ලද තොරතුරකට අනුවයි වැටලීම සිදු කර ඇත්තේ.

නීතිවිරෝධී ලෙස පවත්වාගෙන ගිය මත්පැන් පෙරන ස්ප්‍රීතු ස්කාගාර 05ක් හා ස්ප්‍රීතු ළඟ තබා ගැනීම් 25 ක් මෙම වැටලීමේ දී නීතියේ රැහැනට හසු ව තිබෙනවා.

මෙහිදී මත්පැන් නිෂ්පාදනයට යොදාගන්නා බැරල්, දඟර ආදිය ද අත්අඩංගුවට ගත් අතර සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව විශේෂ සුරාබදු මෙහෙයුම් ඒකකය පැවසුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32