AFC Banner
Empty Ad
Empty Ad

වාහන ආනයන කිරීම ඇනහිටියි ?

වාහන ආනයනය කිරීමට මෙතෙක් කිසිදු නිල ප්‍රකාශයක් හෝ රජයේ ස්ථිර වැඩපිළිවෙළක් හෝ නොමැති බවට ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ප්‍රසාද් මානගේ මහතා පවසනවා.

අද (08) පැවති මාධ්‍ය හමුවක දී අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ; වාහන ආනයනය කිරීමට අවසර දෙන බවට පැවසුව ද; ඒ සම්බන්ධයෙන් මෙතෙක් ඇත්තේ හිටපු අමාත්‍යවරයෙකුගේ ප්‍රකාශයක් පමණක් බවයි.

පළමු ව බස් සහ ලොරි රථ ගෙන්වීමට සැලසුම් සකස් කර තිබුණ ද; එය සිදු කිරීමට කිසිදු වැඩපිළිවෙළක්, නව තීරණයක් හෝ රජය විසින් ගෙන නොමැති බවයි වාහන ආනයනකරුවන්ගේ සංගමය පෙන්වා දෙන්නේ.

පසුගිය රජය සමයේ කැබිනට් මණ්ඩලයෙන් ප්‍රකාශයක් සිදු කළ ද; නව රජය විසින් කිසිදු පියවරක් ගෙන නැති බව ද හෙතෙම පැවසුවා.

පළමුව බස් සහ ලොරි රථ ගෙන්වා ආර්ථිකයට සිදුවන බලපෑම සලකා බලා පසුව සෙසු වාහන ගෙන්වීමට අවසර දෙන බවට පසුගිය රජය යටතේ සැලසුම් සකස් කර තිබූ බව ද වාහන ආනයනකරුවන්ගේ සංගමය පෙන්වා දුන්නා.

නමුත් නැවත වාහන ආනයනය ගැන කතාබහක් කෙරෙන්නේ නම්; එය නව අයවැයෙන් පසුව සිදු කළ යුත්තක් බවට පත් වී ඇති වගයි ප්‍රසාද් මානගේ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
10
+1
26
+1
3
+1
16
+1
7
+1
8
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල් ආණ්ඩුවට ඇන්න සැර ටොක්ක - "දැන්වත් ඒ අයට යාථාර්තය තේරිලා ඇති කියලා විශ්වාස කරනවා"
Video thumbnail
දවල් හීන දකින නාමල් රාජපක්ෂ #namal_rajapaksha
01:30
Video thumbnail
දිලිත් ගහන්න යන වෙනස්ම ගේම #dilithjayaweera
04:23
Video thumbnail
PRAHARAYA | හිටපු පා.ම. කවින්ද ජයවර්ධන සහභාගීවන ප්‍රහාරය දේශපාලන වැඩසටහන සජීවීව
00:00
Video thumbnail
මේ අක්කාගේ කතාවනම් පිස්සුවක් #akd #npp
04:23
Video thumbnail
ඒ ටීචර්ස්ලා දෙන්නාගේ - ඩාන්ස් එකනම් හරිම ලස්සනයි.. #shoerts #viralvideo #teachersday
00:31
Video thumbnail
අපිට කරදර නොකර විපක්ෂ නායක කමෙන් කරුණාකරලා ඉවත්වෙන්න #shorts #sajithpremadasa #viralvideo
00:12
Video thumbnail
සජිත් පැහැදිලිවම පරාජය වෙන්න හේතුව එළියට - සජිත් කියන්නේ ගොන් කතා කියන කෙනෙක්...
01:22
Video thumbnail
Breaking News🛑ප්‍රබල දමිළ පක්ෂයක් ජනපති අනුර සමග එක්වීමට තීරණය කරයි #breakingnews
02:01
Video thumbnail
දේශීය අල ගොවියා රැකගන්න ජනපති ගහන ගේම මෙන්න #akd #npp #anurakumaradissanayake
02:54

?