AFC Banner
Empty Ad
Empty Ad

වගාවන් වනසන සද්ධන්තයින්ගෙන් ගම්මුන්ට හානි

නොච්චියාගම, ළිඳ වැව ගම්මානයට කඩා වදින වනඅලින් විසින් ගම්මානයේ බව භෝග විනාශ කරමින් සිය දෛනික ජීවිතයටද දැඩි බලපෑමක් එල්ල කරන බව එම ගම්වාසීන් පවසනවා.

අනුරාධපුර, නොච්චියාගම ළිඳ වැව ප්‍රදේශයට කඩා වදින වන අලි හේතුවෙන් එම ප්‍රදේශයේ නොසන්සුන්කාරී තත්ත්වයක් උදා වී ඇති බවයි ගම්වාසින් පවසන්නේ.

විල්පත්තුව රක්ෂිතයේ සිට හතළිස් දෙනෙකුගෙන් පමණ යුතු වන අලි රංචු සවස් කාලය වන විට ගම්වැදි ප්‍රදේශයේ සියලුම බව භෝග විනාශ කර දමන බවත් ප්‍රදේශයට ඇඳිරි වැටීමත් සමග රාත්‍රි කාලයේ සිට උදෑසන දක්වා තමන්ට නිවෙස් වලට පමණක් සීමා වී ජීවත්වීමට සිදුව ඇති බව ඔවුන් සඳහන් කරනවා.

මෙම ගම්මාන ආරම්භයේ සිටම මෙම වනඅලි උවදුර පැවතියද විදුලි පන්දම් දැල්වීම සහ ගිනිමල පත්තු කිරීම තුළින් එම වන අලින් පලවා හැරීම සිදුකළ නමුදු මේ වන විට එවැනි උපක්‍රමයන් මගින් වන අලීන් පලවා හැරීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බවයි ගම්වාසීන් සඳහන් කර සිටින්නේ.

වනඅලි ගම් වැදීම පිළිබඳව අවස්ථා ගණනාවක් පුරා බලධාරීන් දැනුවත් කළද මෙතෙක් ඊට කිසිදු විසඳුමක් ලැබී නොමැති බවත් ගම්මානය වටා විදුලි වැටක් නොතිබීම වන අලි ගම්වැදීමට මූලික හේතුව බවත් පවසන ගම්වාසීන් තවදුරටත් කියා සිටින්නේ; අලි වෙඩි හෝ තුවක්කු ලබාදී පැලැස්තර යොදනවා වෙනුවට මෙම වනඅලි සම්බන්ධයෙන් තමන්ට ස්ථිර විසඳුමක් ලබාදීමට කටයුතු කරන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවයි.

ගම්මානයේ ජනතාවගේ මූලික ජීවනෝපාය වන්නේ කෘෂිකර්මාන්තය බැවින් වනඅලින් විසින් එම භවභෝග විනාශ කිරීම තුළින් තමන්ගේ ජීවනෝපායටද දැඩි බලපෑමක් එල්ල කර ඇති බව ඔවුන් පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?