AFC Banner
Empty Ad
Empty Ad

බුද්ධංගල කුණු වලේ අලියෙක් මියයයි

අම්පාර නගර සභාව මගින් පාලනය කරනු ලබන බුද්ධංගල මාර්ගයේ පිහිටා ඇති කසල අංගනය තුළ වනඅලියෙක් මිය ගොස් තිබෙනවා.

අද (06) දින අලුයම මෙම අලියා මියගොස් ඇති බවයි වනජීවී අම්පාර කාර්යාලයට වාර්තා වී ඇත්තේ.

උස අඩි 08ක් පමණ වන මෙම වනඅලියා වයස අවුරුදු 30ක් පමණ වන පිරිමි සතෙක් බව වනජීවී නිලධාරීන් පවසනවා.

මෙම ස්ථානයට එකතු වන කුණු ආහාරයට ගැනීම සඳහා දිනපතාම වනඅලි පැමිණෙන අතර මෙම අලි එලවීම සඳහා අම්පාර නගර සභාව ක්‍රියාත්මක නොවන බවයි ගම්වාසීන් පවසන්නේ.

අවස්ථා ගණනකදී වනජීවි දෙපාර්මේන්තුව මගින් මෙම කුණු ඇළ ආවරණය වන පරිදි අලි වැට ඉදිකරනු ලැබුවත් වනඅලින් මෙම වැට ඉවත් කරමින් පැමිණ කුණු ආහාරයට ගැනීමට පුරුදු වී සිටිනවා.

වනජීවී දෙපාර්මේන්තුව වැට ඉදිකිරිමෙන් පසුව එය රුක ගැනිමේ වගකීම ඇත්තේ නගර සභාවට බවයි වනජීවි දෙපාර්මේන්තුව සඳහන් කරන්නේ.

මේ හේතුව නිසා මෙම කුණු වල තුළ වනඅලින් අවස්ථා කිහිපයකදී මිය ගොස් තිබුණා.

මියගිය අලියාගේ පශ්චාත් මරණ පරීක්ෂණය නැගෙනහිර වනජීවි සෞඛ්‍ය ඒකකයේ පශු වෛද්‍ය නිහාල් පුෂ්පකුමාර මහතා විසින් පවත්වා තිබෙනවා.

මෙම වන අලියා විසින් කුණු ආහාරයට ගන්නා අවස්ථාවේ ඒ සමග පොලිතින් ද ආහාරයට ගැනිම නිසා කුසතුල ඇතිවූ ආසාදන තත්වය හේතුවෙන් මෙම මරණය සිදුවි ඇති බවට ඔහු නිගමනය කර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?