AFC Banner
Empty Ad
Empty Ad

ඉන්දියා – බංග්ලාදේශ පළමු විස්සයි විස්ස තරගයට විශේෂ ආරක්ෂාවක්

එළඹෙන ඉරිදා (06) ග්වාලියර් හිදී පැවැත්වෙන ඉන්දියා – බංග්ලාදේශ පළමු විස්සයි විස්ස තරගයේ ආරක්ෂාව වෙනුවෙන් 2,500කට වැඩි පොලිස් නිලධාරීන් සංඛ්‍යාවක් ආරක්ෂා සඳහා යෙදවීමට තීරණය කර ඇති බව වාර්තා වනවා.

ඊට අමතරව පසුගිය බදාදා දිනයේ සිට කණ්ඩායම් දෙකම නවාතැන් ගෙන සිටින හෝටල් දෙකට ද දැඩි ආරක්‍ෂක වැඩපිළිවෙලක් යෙදවීමට ද පියවර ගෙන ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

පසුගිය අගෝස්තු මාසයේදී ෂීක් හසීනා ආණ්ඩුව බිඳ වැටීමෙන් පසු බංග්ලාදේශයේ හින්දුවරුන්ට සිදු වූ බව කියන කුරිරුකම්වලට විරෝධය පළ කරමින් දක්ෂිණාංශික සංවිධාන විසින් බංග්ලාදේශ කණ්ඩායම එක්වන තරගයට සිදුකළ තර්ජන හේතුවෙන් මෙම විශේෂ ආරක්ෂක විධි විධාන ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර සමාජ මාධ්‍ය සම්බන්ධයෙන් ද මේ දිනවල විමසිල්ලෙන් පසුවන බවයි ග්වාලියර් කලාපයේ පොලිස් ප්‍රධානී අරවින්ද් සක්සේනා පවසා ඇත්තේ.

සාමය පවත්වා ගැනීම සහ ප්‍රචණ්ඩ සිදුවීම් වලින් තොර තරඟයක් සහතික කිරීම සඳහා දිස්ත්‍රික් මහේස්ත්‍රාත්වරයා ඊයේ (03) දිනයේ විශේෂ නියෝගයක් ද නිකුත් කර ඇති අතර, එම නියෝගය ;අබාන 07 වනදා දක්වා ක්‍රියාත්මකයි.

ඉන්දියා – බංග්ලාදේශ පළමු විස්සයි විස්ස තරගය මාධවරාඕ සින්ඩියා ජාත්‍යන්තරය ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙන අතර, 30,000ක ප්‍රේක්ෂක ධාරිතාවකට මෙම ක්‍රීඩාංගනයේ දී තරග නැරඹීමට හැකියාව පවතිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටේ ආරක්ෂාව නැවතත් වැඩි කරයි? - දැන්නම් නීතියත් එක්ක සෙල්ලම් දානවා බොරු #policenews
03:32
Video thumbnail
නිදහස් පක්ෂය මේ සැරෙත් එන්නේ ගෑස් සිලින්ඩරෙන්
02:36
Video thumbnail
ඉන්දීය විදේශ කටයුතු ඇමති ජයශංකර් ජනපති අනුර හමුවූ අවස්ථාව #anurakumaradissanayake #npp
01:04
Video thumbnail
පාදෙණිය කාලෙකට පස්සේ කට අරියි
03:27
Video thumbnail
දිලිත් ජයවීරගෙන් විශේෂ ප්‍රකාශයක් #dilithjayaweera
04:51
Video thumbnail
කාටත් හොරා රනිල්ගේ ඔඩොක්කුවට පැන්න ශ්‍රි.ල.නිප හාදයෝ #ranilwickremesinghe #slfp
02:46
Video thumbnail
පාස්කු ප්‍රහාරය ගැන හරි විමර්ශනයක් සිදු කරන බවට ජනපතිගෙන් සහතිකයක් #anurakumaradissanayake
05:01
Video thumbnail
නිමල් සිරිපාල මාධ්‍යට මුහුණ නොදී - පැනල ගියේ මෙහෙමයි #slpp #election2024
01:14
Video thumbnail
ඩයනා කට අරී - මම නම් අහලවත් නෑ මල්ලි ඔහොම කතා
04:34
Video thumbnail
හිටි හැටියේ උසාවි ගෙන්නපු රාජිත සේනාරත්නට වෙච්ච දේ - 24 ලැබෙන්න යන තීන්දුව මෙන්න
01:16

?