ඉන්දියා – බංග්ලාදේශ පළමු විස්සයි විස්ස තරගයට විශේෂ ආරක්ෂාවක්

එළඹෙන ඉරිදා (06) ග්වාලියර් හිදී පැවැත්වෙන ඉන්දියා – බංග්ලාදේශ පළමු විස්සයි විස්ස තරගයේ ආරක්ෂාව වෙනුවෙන් 2,500කට වැඩි පොලිස් නිලධාරීන් සංඛ්‍යාවක් ආරක්ෂා සඳහා යෙදවීමට තීරණය කර ඇති බව වාර්තා වනවා.

ඊට අමතරව පසුගිය බදාදා දිනයේ සිට කණ්ඩායම් දෙකම නවාතැන් ගෙන සිටින හෝටල් දෙකට ද දැඩි ආරක්‍ෂක වැඩපිළිවෙලක් යෙදවීමට ද පියවර ගෙන ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

පසුගිය අගෝස්තු මාසයේදී ෂීක් හසීනා ආණ්ඩුව බිඳ වැටීමෙන් පසු බංග්ලාදේශයේ හින්දුවරුන්ට සිදු වූ බව කියන කුරිරුකම්වලට විරෝධය පළ කරමින් දක්ෂිණාංශික සංවිධාන විසින් බංග්ලාදේශ කණ්ඩායම එක්වන තරගයට සිදුකළ තර්ජන හේතුවෙන් මෙම විශේෂ ආරක්ෂක විධි විධාන ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර සමාජ මාධ්‍ය සම්බන්ධයෙන් ද මේ දිනවල විමසිල්ලෙන් පසුවන බවයි ග්වාලියර් කලාපයේ පොලිස් ප්‍රධානී අරවින්ද් සක්සේනා පවසා ඇත්තේ.

සාමය පවත්වා ගැනීම සහ ප්‍රචණ්ඩ සිදුවීම් වලින් තොර තරඟයක් සහතික කිරීම සඳහා දිස්ත්‍රික් මහේස්ත්‍රාත්වරයා ඊයේ (03) දිනයේ විශේෂ නියෝගයක් ද නිකුත් කර ඇති අතර, එම නියෝගය ලබන 07 වනදා දක්වා ක්‍රියාත්මකයි.

ඉන්දියා – බංග්ලාදේශ පළමු විස්සයි විස්ස තරගය මාධවරාඕ සින්ඩියා ජාත්‍යන්තරය ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙන අතර, 30,000ක ප්‍රේක්ෂක ධාරිතාවකට මෙම ක්‍රීඩාංගනයේ දී තරග නැරඹීමට හැකියාව පවතිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සුරේෂ් සලේගේ දැන් තත්ත්වය නලින්ද හෙළිකරයි - ප්‍රශ්නයක් නෑ - හොඳට කනවා බොනවා
01:40
Video thumbnail
ගුවන්යානා මිලදී ගද්දි කොමිස් මුදල අනිවාර්යයිද ? අංගුලිමාලට සමාව දුන්නා වගේ සමාව දෙන්න පුළුවන්ද ?
01:36
Video thumbnail
අර්චුනාට වසර 20ට වැඩි සිර දඬුවම්..?
11:48
Video thumbnail
ජනපති කිව්ව "කොත්තමල්ලි"කතාව ගැන නලින්ද හෙළිකරයි - දේශීය වෙදකමට මුල් තැනද දුන්නේ ?
06:17
Video thumbnail
දැඩි විවේචන මැද 22ක සම්මත කරනවද ? ශ්‍රේෂ්ඨාධිකරණය විශ්වාස නිසානේ පෙත්සම් දුන්නේ
02:03
Video thumbnail
අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව උණුසුම් කළ ප්‍රශ්නය
09:19
Video thumbnail
රුමේෂ්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් රජය මැදිහත් වෙන්න සැරසෙයි - අපේ රටට ලොකු සම්පතක්
01:26
Video thumbnail
ඖෂධ හිඟය ගැන ඇමති නලින්ද පිළිතුරු දෙයි - ඔබ දැන් කියන්න කොහෙද ප්‍රශ්නය තියෙන්නේ කියලා ?
04:12
Video thumbnail
අධිකරණය දුන් රහසිගත තීන්දුව ජනාධිපතිවරයා දන්නේ කොහොමද..?
07:08
Video thumbnail
මේ ආණ්ඩුවට වඩා හොඳ කට්ටියක් සජබයේ ඉන්නවා
01:27