දිවුලපිටියේ හා රාගම අවුරුදු උත්සව දෙකකින් කොරෝනා රෝගීන් 38 ක්

දිවුලපිටිය ප්‍රදේශයේ පැවති අවුරුදු උත්සවයකින් කොරෝනා ආසාදිතයන් 26 දෙනෙකු හා රාගම , බටුවත්ත ප්‍රදේශයේ නිවසක පැවති අවුරුදු උත්සවයකින් තවත් කොවිඩ් 19 ආසාදිතයන් 12 දෙනෙකු සොයාගත් බව ඒ ඒ ප්‍රදේශයන්හී සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් පවසනවා.

එමෙන්ම කටුනායක නිදහස් වෙළෙඳ කළාපය තුළ පිහිටි කර්මාන්තශාලා 02කින් ද කොරෝනා ආසාදිතයන් 04 දෙනෙකු වාර්තා වී තිබෙනවා.

ඒ අනුව මේ දක්වා කටුනායක නිදහස් වෙළෙඳ කළාපය තුළ පිහිටි කර්මාන්තශාලා 55 ක සේවය කරන 1,219 දෙනෙකු කොවිඩ් 19 වෛරසයට ගොදුරු වී ඇති බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා පවසනවා.

ගම්පහ දිස්ත්‍රික්කය තුළ (21) දින කොවිඩ් 19 ආසාදිත රෝගීන් 114 දෙනෙකු වාර්තාවනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?