දිවුලපිටිය ප්‍රදේශයේ පැවති අවුරුදු උත්සවයකින් කොරෝනා ආසාදිතයන් 26 දෙනෙකු හා රාගම , බටුවත්ත ප්‍රදේශයේ නිවසක පැවති අවුරුදු උත්සවයකින් තවත් කොවිඩ් 19 ආසාදිතයන් 12 දෙනෙකු සොයාගත් බව ඒ ඒ ප්‍රදේශයන්හී සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් පවසනවා.
එමෙන්ම කටුනායක නිදහස් වෙළෙඳ කළාපය තුළ පිහිටි කර්මාන්තශාලා 02කින් ද කොරෝනා ආසාදිතයන් 04 දෙනෙකු වාර්තා වී තිබෙනවා.
ඒ අනුව මේ දක්වා කටුනායක නිදහස් වෙළෙඳ කළාපය තුළ පිහිටි කර්මාන්තශාලා 55 ක සේවය කරන 1,219 දෙනෙකු කොවිඩ් 19 වෛරසයට ගොදුරු වී ඇති බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා පවසනවා.
ගම්පහ දිස්ත්‍රික්කය තුළ (21) දින කොවිඩ් 19 ආසාදිත රෝගීන් 114 දෙනෙකු වාර්තාවනවා.
