AFC Banner
Empty Ad
Empty Ad

හිටපු ප්‍රබල අමාත්‍යවරුන් දෙදෙනෙකු සම්බන්ධ නඩුවකට නියෝග

පාසල් හා ක්‍රීඩා සමාජ අතර බේදා දීම සඳහා 2015 වසරේදී ලංකා සතොස හරහා ආනයනය කරන ලද රුපියල් මිලියන 53ක් වටිනා කැරම් බොඩ් 14000ක් සහ දාම් බොඩ් 14000ක් නිසි ක්‍රමවේදය අනුගමනය නොකර ගෙන්වා වෙනත් කටයුතු සඳහා යොදා ගැනීම සම්බන්ධයෙන් චෝදනා යටතේ හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සහ හිටපු වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතාට එරෙහිව පවරා ඇති නඩුව විත්තියේ සාක්ෂි කැඳවීමකින් තොරව අවසන් කරන ලෙස කළ ඉල්ලිම ප්‍රතික්ෂේප කළ බස්නාහිර පාළාත් ස්ථිර ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විත්තියේ සාක්ෂි විභාගය ලබන දෙසැම්බර් 02 වැනිදා කැඳවීමට නියෝග කර තිබෙනවා.

සභාපති විනිසුරු ප්‍රදිප් හෙට්ටිආරච්චි, මහෙශ් විරමන්, ප්‍රදීප් අබේරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අද (04) නඩුව කැඳවනු ලැබුවා.

එහිදී මෙම නඩුවේ විත්තියේ සාක්ෂි විභාගය ලබන දෙසැම්බර් 2 වැනිදා ආරම්භ කිරිමට දින නියම කර තිබෙනවා.

සිය සේවා දායකයන්ට එරෙහිව ප්‍රමාණවත් සාක්ෂි නොමැති බවට තීරණය කර අපරාධ නඩු විධාන සංග්‍රහයේ 200(1) වගන්තිය යටතේ විත්තියේ සාක්ෂි කැඳවිමකින් තොරව ඔවුන් නිදොස් කොට නිදහස් කරන ලෙස ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා සහ ජ්‍යෙෂ්ඨ නීතිඥ කංචන රත්වත්තේ මහතා පැමිණිල්ලේ සාක්ෂි විභාගයේදි ඉල්ලා තිබුණා.

එම ඉල්ලිම සම්බන්ධයෙන් අල්ලස් හෝ දුෂණ කොමිසමේ සහාකාර අධ්‍යක්ෂ ජනරාල් අනුත්තරා ජයසිංහ මහත්මිය විරුද්ධත්වය දැක්වු අතර එම මහත්මිය සඳහන් කළේ විත්ති වාචිකය කැඳවීම සඳහා ප්‍රමාණවත් සාක්ෂි තිබෙන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුර ජනපතිටත් වෙන්නේ ගෝඨාභය රාජපක්ෂට වෙච්ච දේමයි#gotabayarajapaksa #akd
04:36
Video thumbnail
ඉන්දීය විදේශ කටයුතු ඇමති ජයශංකර් හදීසියේ ශ්‍රී ලංකාවට...#npp
00:52
Video thumbnail
මම පාර්ලිමේන්තුවට ඉතාම සුදුසුයි / JVPයේ විතරක් නෙවෙයි - සුදුසුකම් තියෙන මිනිස්සු ඉන්නේ #sjb #npp
02:13
Video thumbnail
ශ්‍රි.ල.නි.පයේ ප්‍රබලයෝ රැසක් - ජාතික ජන බලවේගයට යයි #slfp #npp #akd #anurakumaradissanayake
02:53
Video thumbnail
ඔබතුමා අසරණ වෙලා නේද ඉන්නේ ? - නෑ....නෑ...ඩාලිපාරට එන්නේ නැතුව කොහෙ යන්න ද? #sjb #slfp
02:22
Video thumbnail
මල් පාරේ අදත් හොර සාකච්ඡා - SJB ප්‍රබලයෙක් හොරාට රනිල් තුරුලට #unp #sjb #ranilwickremesinghe
01:21
Video thumbnail
පොහොර සහනාධාරය ලැබෙයි ද? නොලැබෙයි ද? / පැෆරල් සංවිධානයෙන් කළ විශේෂ ප්‍රකාශය මෙන්න
03:31
Video thumbnail
ජානක වක්කුඹුරට යකා නගී - ආණ්ඩුවට කුණු බැනුම් - "මම ගාව තිබ්බ වෙපන් එකත් මම බාරදුන්නා"
02:36
Video thumbnail
ජනපතිට බැන්න අය පිල් මාරුවකටද මේ සූදානම - "රටේ ජනතාවට හොඳක් වෙනවානම් අපි උදව් කරන්න කැමති"
03:42
Video thumbnail
වාද්දුව පොහද්දරමුල්ල වෙරලේ පිරිමි නිරුවත් මළසිරුරක්
00:41

?