AFC Banner
Empty Ad
Empty Ad

විදේශීය දුම්වැටි නීතිවිරෝධීව අලෙවි කළ දෙදෙනකුට මාංචු

ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා පොලීසිය හා පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව ඊයේ (03) දින කොළඹ – හෙට්ටියාවත්ත සහ තලෛමන්නාරම – පේසාලේ ප්‍රදේශ ආශ්‍රිතව සිදුකළ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුම් මගින් නීතිවිරෝධීව මෙරටට ගෙනැවිත් අලෙවි කිරීමට සූදානම් කර තිබූ විදේශීය දුම්වැටි තොගයක් සොයාගෙන තිබෙනවා.

වැටලීම සිදු කරන අවස්ථාවේ දී, අලෙවි කිරීම සඳහා සූදානම් කර තිබූ විදේශීය දුම්වැටි 1500ක තොගයක් සමග දෙදෙනකු අත් අඩංගුවට ගැනීමටයි කටයුතු කෙරුණේ.

මෙම සැකකරුවන් අතර එක් සැකකාරිණියක් ද වනවා.

බටහිර නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා රංගල ආයතනය වෙත ලද තොරතුරකට අනුව, කොළඹ වෙරළබඩ පොලිස් ස්ථානය හා එක්ව කොළඹ හෙට්ටියාවත්ත ප්‍රදේශයේ සිදු කරන ලද ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමේ දී, හෙට්ටියාවත්ත මංසන්දිය අසල දී අලෙවි කිරීමට සුදානම් කළ විදේශීය දුම්වැටි 1200ක පළමි තොගය සොයා ගැනුණේ.

එදිනම, උතුරු මැද නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා ගජබා ආයතනය වෙත ලද තොරතුරකට අනුව, මන්නාරම පොලිස් විශේෂ කාර්ය බලකාය හා එක්ව තලෛමන්නාරම පේසාලේ ප්‍රදේශයේ සිදුකරන ලද ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමේ දී, අලෙවි කිරීමට සුදානම් කළ විදේශීය දුම්වැටි 300ක් සමග එක් සැකකාරියක් අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇත්තේ.

මෙම මෙ‍හෙයුමෙන් අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 70 ක් වන ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර සැකකාරිය වයස අවුරුදු 56 ක් වන පේසාලේ ප්‍රදේශයේ පදිංචිකාරියක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඔබතුමා අසරණ වෙලා නේද ඉන්නේ ? - නෑ....නෑ...ඩාලිපාරට එන්නේ නැතුව කොහෙ යන්න ද? #sjb #slfp
02:22
Video thumbnail
මල් පාරේ අදත් හොර සාකච්ඡා - SJB ප්‍රබලයෙක් හොරාට රනිල් තුරුලට #unp #sjb #ranilwickremesinghe
01:21
Video thumbnail
පොහොර සහනාධාරය ලැබෙයි ද? නොලැබෙයි ද? / පැෆරල් සංවිධානයෙන් කළ විශේෂ ප්‍රකාශය මෙන්න
03:31
Video thumbnail
ජානක වක්කුඹුරට යකා නගී - ආණ්ඩුවට කුණු බැනුම් - "මම ගාව තිබ්බ වෙපන් එකත් මම බාරදුන්නා"
02:36
Video thumbnail
ජනපතිට බැන්න අය පිල් මාරුවකටද මේ සූදානම - "රටේ ජනතාවට හොඳක් වෙනවානම් අපි උදව් කරන්න කැමති"
03:42
Video thumbnail
වාද්දුව පොහද්දරමුල්ල වෙරලේ පිරිමි නිරුවත් මළසිරුරක්
00:41
Video thumbnail
නාමයෝජනා භාර ගැනීම ඇරඹෙයි #breakingnews #election
01:45
Video thumbnail
🛑Breaking News - ඊශ්‍රායලයේ මීළඟ සැලසුම ගැන අනාවරනයක්...
01:40
Video thumbnail
ගහුපු කතිරය ගැන දුක්වෙන්න වෙයිද? අනුර උගන්ඩාවේ තියෙන - සල්ලි ගැන පුළුවන්නම් හොයන්න #akd
02:20
Video thumbnail
වාහන සංදර්ශනයේ සැබෑ නිරුවත එළිවෙලා ඉවරයි - පොහොට්ටු ප්‍රබලයෙක් හොඳට දෙසයි
02:18

?