විදේශීය දුම්වැටි නීතිවිරෝධීව අලෙවි කළ දෙදෙනකුට මාංචු

ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා පොලීසිය හා පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව ඊයේ (03) දින කොළඹ – හෙට්ටියාවත්ත සහ තලෛමන්නාරම – පේසාලේ ප්‍රදේශ ආශ්‍රිතව සිදුකළ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුම් මගින් නීතිවිරෝධීව මෙරටට ගෙනැවිත් අලෙවි කිරීමට සූදානම් කර තිබූ විදේශීය දුම්වැටි තොගයක් සොයාගෙන තිබෙනවා.

වැටලීම සිදු කරන අවස්ථාවේ දී, අලෙවි කිරීම සඳහා සූදානම් කර තිබූ විදේශීය දුම්වැටි 1500ක තොගයක් සමග දෙදෙනකු අත් අඩංගුවට ගැනීමටයි කටයුතු කෙරුණේ.

මෙම සැකකරුවන් අතර එක් සැකකාරිණියක් ද වනවා.

බටහිර නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා රංගල ආයතනය වෙත ලද තොරතුරකට අනුව, කොළඹ වෙරළබඩ පොලිස් ස්ථානය හා එක්ව කොළඹ හෙට්ටියාවත්ත ප්‍රදේශයේ සිදු කරන ලද ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමේ දී, හෙට්ටියාවත්ත මංසන්දිය අසල දී අලෙවි කිරීමට සුදානම් කළ විදේශීය දුම්වැටි 1200ක පළමි තොගය සොයා ගැනුණේ.

එදිනම, උතුරු මැද නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා ගජබා ආයතනය වෙත ලද තොරතුරකට අනුව, මන්නාරම පොලිස් විශේෂ කාර්ය බලකාය හා එක්ව තලෛමන්නාරම පේසාලේ ප්‍රදේශයේ සිදුකරන ලද ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමේ දී, අලෙවි කිරීමට සුදානම් කළ විදේශීය දුම්වැටි 300ක් සමග එක් සැකකාරියක් අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇත්තේ.

මෙම මෙ‍හෙයුමෙන් අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 70 ක් වන ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර සැකකාරිය වයස අවුරුදු 56 ක් වන පේසාලේ ප්‍රදේශයේ පදිංචිකාරියක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14