වනඅලි පහරදීමකින් මින්නේරිය ප්‍රදේශයේ නිවසකට බරපතළ හානි

පොළොන්නරුව දිස්ත්‍රික්කයට අයත් හිඟුරක්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පිහිටි මින්නේරිය ගම්මානයට එල්ලවී ඇති වනඅලි තර්ජන හේතුවෙන් එම ගම්වාසී ජනතාව දැඩි පීඩාවකට පත්ව සිටින බව අප වාර්තාකරු සඳහන් කරනවා.

මින්නේරිය රක්ෂිතයේ සිට අද (04) අලුයම මින්නේරිය ගම්මානයට කඩා වැදුනු වන අලියෙකු සිදුකළ පහරදීමක් මගින් එම ගම්මානයේ පිහිටි නිවසකට ද දැඩි හානි සිදුව තිබුණා.

අද අලුයම 4ට පමණ මෙම වන අලි පහරදීම සිදුව ඇති අතර වන අලියා සිදුකළ පහර දීමෙන් නිවසේ කාමරයකට හා වහලයට දැඩි හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

මින්නේරිය රක්ෂිතයේ සිට මෙම ගෙවල් කඩන අලියා දිනපතා සවස් කාලය වන විට ගම්වදින බවත් එලෙස ගම්වැදී තමන් ඉතා දුක් මහන්සියෙන් ගොඩනගා ගන්නා ලද නිවාස කිහිපයකට පහරදී විනාශයට පත්කර ඇති බවත් එම ගම්වාසී ජනතාව පවසනවා.

මෙලෙස නිවාස කැඩීමට පුරුදුවී සිටින්නේ එක වන අලියෙකු වන අතර එම වන අලියාගෙන් තම ජීවිත හා දේපළ ආරක්ෂාකර ගත නොහැකිව;
වනඅලි ගම්වැදී සිදුකරනු ලබන විනාශයන් හමුවේ තමන් දැඩි පීඩාවට පත්ව සිටින බවත් එම ගම්වාසී ජනතාව තවදුරටත් පවසා තිබෙනවා.

අවස්ථා ගණනාවකදී මෙම වන අලි ගම්වැදී සිදු කරනු ලබන විනාශයන් වළක්වා තමන්ට නිදහසේ ගම්මානය තුළ ජීවත් වීම සඳහා කටයුතු කර දෙන ලෙසට වනජීවී නිළධාරීන්ගෙන් හා බලධාරීන්ගෙන් ඉල්ලා සිටියද මේ දක්වා ඊට විසදුම් ලබා දීමට බලධාරීන් අපොහොසත් වී ඇති බවයි වාර්තා වන්නේ.

එබැවින් මෙම නිවාස කඩන වන අලියා තම ප්‍රදේශයෙන් අල්ලා ඉවත්කොට වෙනත් ආරක්ෂිත ප්‍රදේශයකට රැගෙන ගොස් දමා තම ජීවිත හා දේපළ සුරක්ෂිත කිරීමට කඩිනමින් මැදිහත්වන ලෙසට ඒ සම්බන්ධයෙන් කටයුතු කරනු ලබන බලධාරීන්ගෙන් එම ගම්වාසී ජනතාව ඉල්ලා සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55


?