වනඅලි පහරදීමකින් මින්නේරිය ප්‍රදේශයේ නිවසකට බරපතළ හානි

පොළොන්නරුව දිස්ත්‍රික්කයට අයත් හිඟුරක්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පිහිටි මින්නේරිය ගම්මානයට එල්ලවී ඇති වනඅලි තර්ජන හේතුවෙන් එම ගම්වාසී ජනතාව දැඩි පීඩාවකට පත්ව සිටින බව අප වාර්තාකරු සඳහන් කරනවා.

මින්නේරිය රක්ෂිතයේ සිට අද (04) අලුයම මින්නේරිය ගම්මානයට කඩා වැදුනු වන අලියෙකු සිදුකළ පහරදීමක් මගින් එම ගම්මානයේ පිහිටි නිවසකට ද දැඩි හානි සිදුව තිබුණා.

අද අලුයම 4ට පමණ මෙම වන අලි පහරදීම සිදුව ඇති අතර වන අලියා සිදුකළ පහර දීමෙන් නිවසේ කාමරයකට හා වහලයට දැඩි හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

මින්නේරිය රක්ෂිතයේ සිට මෙම ගෙවල් කඩන අලියා දිනපතා සවස් කාලය වන විට ගම්වදින බවත් එලෙස ගම්වැදී තමන් ඉතා දුක් මහන්සියෙන් ගොඩනගා ගන්නා ලද නිවාස කිහිපයකට පහරදී විනාශයට පත්කර ඇති බවත් එම ගම්වාසී ජනතාව පවසනවා.

මෙලෙස නිවාස කැඩීමට පුරුදුවී සිටින්නේ එක වන අලියෙකු වන අතර එම වන අලියාගෙන් තම ජීවිත හා දේපළ ආරක්ෂාකර ගත නොහැකිව;
වනඅලි ගම්වැදී සිදුකරනු ලබන විනාශයන් හමුවේ තමන් දැඩි පීඩාවට පත්ව සිටින බවත් එම ගම්වාසී ජනතාව තවදුරටත් පවසා තිබෙනවා.

අවස්ථා ගණනාවකදී මෙම වන අලි ගම්වැදී සිදු කරනු ලබන විනාශයන් වළක්වා තමන්ට නිදහසේ ගම්මානය තුළ ජීවත් වීම සඳහා කටයුතු කර දෙන ලෙසට වනජීවී නිළධාරීන්ගෙන් හා බලධාරීන්ගෙන් ඉල්ලා සිටියද මේ දක්වා ඊට විසදුම් ලබා දීමට බලධාරීන් අපොහොසත් වී ඇති බවයි වාර්තා වන්නේ.

එබැවින් මෙම නිවාස කඩන වන අලියා තම ප්‍රදේශයෙන් අල්ලා ඉවත්කොට වෙනත් ආරක්ෂිත ප්‍රදේශයකට රැගෙන ගොස් දමා තම ජීවිත හා දේපළ සුරක්ෂිත කිරීමට කඩිනමින් මැදිහත්වන ලෙසට ඒ සම්බන්ධයෙන් කටයුතු කරනු ලබන බලධාරීන්ගෙන් එම ගම්වාසී ජනතාව ඉල්ලා සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14