AFC Banner
Empty Ad
Empty Ad

මහ මැතිවරණයට මුදල් වෙන් කිරීමට ජනපති පියවර ගනී

මහ මැතිවරණය වෙනුවෙන් ප්‍රතිපාදන සලසාදීම සඳහා රුපියල් බිලියන 05ක් නිකුත් කිරීමට ජනාධිපතිවරයා විසින් පියවර ගෙන තිබෙනවා.

ඒ, සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ද ලැබී ඇති බවයි වාර්තා වුණේ.

ඒකාබද්ධ අරමුදලින්; අරමුදල් නිකුත් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 150 ව්‍යවස්ථාවේ (4) අනුව්‍යවස්ථාව මඟින් ජනාධිපතිතුමා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව ජනාධිපතිවරයා මෙම පියවර ගෙන ඇති බව සඳහන්.

එමෙන්ම, මහ මැතිවරණය පැවැත්වීමට අදාළව 2025 වර්ෂයේදී නිරවුල් කළ යුතු වියදම් වෙනුවෙන් රුපියල් බිලියන 06ක ප්‍රතිපාදන 2025 වර්ෂය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට අපේක්ෂිත අතුරු සම්මත ගිණුම මඟින් වෙන්කර දීමට ද අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?