ඉන්දියාවේ සිට මෙරටට හොරෙන් ඇද්ද කේරළ ගංජා මාට්ටු වෙයි

නීතිවිරෝධී ලෙස ඉන්දියාවේ සිට මෙරටට බෝට්ටු මගින් ගෙනා කේරළ ගංජා තොගයක් පොලිස් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

අද (30) උදෑසන යුද හමුදා බුද්ධි අංශයට ලද තොරතුරක් මත මන්නාරම මත්ද්‍රව්‍ය නිවාරණ කාර්‍යාංශය කිලිනොච්චිය – මනල්කාඩු හි දී සිදු කරන ද වැටලීමක දී අදාළ මත්ද්‍රව්‍ය තොගය සොයා ගැනුණා.

එහි තිබී කේරළ ගංජා කිලෝග්‍රෑම් 104යි ග්‍රෑම් 217ක් සොයාගත් බවයි දසත වාර්තාකරු පැවසුවේ.

මෙහෙයුම සිදු කරන අවස්ථාවේ සැකකරුවන් දෙදෙනෙකු පලා ගොස් තිබෙනවා.

අත්අඩංගුවට ගත් ගංජා තොගය පලෙයි පොලිසිය හරහා කිලිනොච්චිය මහේස්ත්‍රාත්
අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.