AFC Banner
Empty Ad
Empty Ad

දඹුල්ල තන්ඩර්ස් හිමිකරුගේ LPL නඩුව ගැන දැනුම්දීමක්

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ (LPL) තරග පාවාදීමට යෝජනා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලත් දඹුල්ල තණ්ඩර්ස් කණ්ඩායමේ හිමිකරු වන සැකකාර පුද්ගලයාගේ හඬපට වාර්තාව රස පරීක්ෂක දෙපාර්තමේන්තුවෙන් ලැබුණ පසු සිද්ධියට අදාළ ඉදිරි විමර්ශන කටයුතු ආරම්භ කරන බව ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විමර්ශන කොට්ඨාස‍ය අද (30) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා වෙත දැන්වූවා.

සැකකාර පුද්ගලයාගේ හඬ පට රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත යවා ඇති නමුත් එම වාර්තා මෙතෙක් ලැබී නොමැති බව ද මෙහිදී එම විමර්ශන ඒකකය අධිකරණයට දැන්වූ බවයි දසත අධිකරණ වාර්තාකරු පැවසුවේ.

බංග්ලාදේශ ජාතිකයකු වන තම්මි රහමන් නමැත්තෙකු මෙම සිද්ධියේ සැකකරු ලෙස නම් කර ඇති අතර සිද්ධියට අදාළ නඩුව අද අධිකරණය හමුවේ නැවත කැඳවූ අවස්ථාවේ දී එම විමර්ශන කොට්ඨාසය ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා වෙත ඒ බව දන්වා සිටියා.

සැකකාර පුද්ගලයාට එරෙහිව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය මගින් විදෙස් ගමන් තහනමක් ද පනවා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?