අභාවප්‍රාප්ත හිටපු අමාත්‍ය කුමාර වෙල්ගමගේ දේහය පිළිබද අවසන් කටයුතු මතුගම ආදාහනාගාරයේදී අද (30) පස්වරුවේ සිදුකිරීමට නියමිතයි.
කළක් රෝගාතුරව සිටි හිටපු අමාත්‍ය කුමාර වෙල්ගම පෙරේදා (28) කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිය දී අභාවප්‍රාප්ත වුණා.
ඔහුගේ දේහය මේ වන විට මතුගම – හොරවල ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේ තැන්පත් කර තිබෙනවා.
ඔහුට අවසන් ගෞරව දැක්වීමට දේශපාලඥයින් ඇතුළු රැසක් ඊයේ (29) දිනයේ පැමිණි අතර, අද දිනයේත් ඔහුට අවසන් ගෞරව දැක්වීමට විශාල පිරිසක් පැමිණෙමින් සිටින බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
2
+1
+1
6
+1
4
+1
1















