AFC Banner
Empty Ad
Empty Ad

පුද්ගලයෙක් ටිපර් රථයක ගැටී ජීවිතක්ෂයට

කැස්බෑව – කොළඹ විකල්ප මාර්ගයේ කොට්ටාව විදුලි සංඥා ආලෝක පද්ධතිය අසළ ටිපර් රථයක ගැටීමෙන් පුද්ගලයෙක් මියගොස් තිබෙනවා.

අනතුරින් මියගොස් ඇත්තේ පිළියන්දල, මාවිත්තර, පිණිදිය පාරවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි අවුරුදු 74ක අයෙක්.

ඔහු අද (29) උදෑසන ශාරීරික ව්‍යායාම්වල යෙදෙමින් මාර්ගයේ ගමන් කරමින් සිටිය දී මාර්ගය හරහා ගමන් කිරීමට යාමේ දී ටිපර් රථයේ ගැටී අනතුරට ලක්ව ඇති බවයි පොලිසිය පැවසුවේ.

ටිපර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු වයස අවුරුදු 31ක පස්සර ප්‍රදේශයේ පදිංචි අයෙක්.

සැකකරු කැස්බෑව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?