ඔත්තු බැලීමේ බිය මත චීනයේ නිෂ්පාදිත මෝටර් රථ තහනම් කිරීමට අමෙරිකාව සැරසෙයි

අමෙරිකානුවන් පිළිබඳ ඔත්තු බැලීමට හෝ වාහන අනතුරට ලක් කිරීමට භාවිතා කළ හැකි මෘදුකාංග සහ ඩිජිටල් සම්බන්ධතා පිළිබඳ මාස ගණනාවක විමර්ශනයකින් පසුව බයිඩ්න් පරිපාලනය විසින් එක්සත් ජනපදය තුළ චීනයේ නිෂ්පාදිත වාහන තහනම් කරන නව නීති යෝජනා කර තිබෙනවා.

යෝජිත නීති පැමිණෙන්නේ චීන මෝටර් රථ නිෂ්පාදකයින් ගෝලීය වෙළඳපල තුළ වඩාත් බලවත් වීම, අධි තාක්‍ෂණික වාහන අපනයනය ශීඝ්‍රයෙන් ඉහළ යෑම සහ බටහිර නිෂ්පාදකයින්ට නව අභියෝග එල්ල කිරීම, ස්ථාපිත සංවේදක, කැමරා සහ මෘදුකාංග ඔත්තු බැලීම හෝ වෙනත් දත්ත රැස් කිරීමේ අරමුණු සඳහා භාවිතා කළ හැකි බවට රජයන් බිය පල කරන පසුබිමකයි.

චීනයේ නිෂ්පාදිත වාහන තවමත් එක්සත් ජනපද මාර්ගවල බහුලව දක්නට නොලැබෙන නමුත් යුරෝපයේ, ආසියාවේ සහ අනෙකුත් වෙළඳපලවල බහුලව දක්නට ලැබෙනවා.

නව නීති, එක්සත් ජනපද වාණිජ මණ්ඩලයෙන් එළියට එන ජාතික ආරක්ෂක ක්‍රියාවක් ලෙස විස්තර කර ඇති අතර, වාහන සම්බන්ධතා පද්ධතිය (VCS) සහ ස්වයංක්‍රීය රියදුරු පද්ධතියට (ADS) ඒකාබද්ධ කරන ලද මෘදුකාංග කෙරෙහි අවධානය යොමු කෙරනවා.

එක්සත් ජනපද වාණිජ ලේකම් පැවසුවේ චීනයේ හෝ රුසියාවේ නිෂ්පාදිත වාහන කැමරා, මයික්‍රෆෝන, GPS සම්බන්ධතා සහ අන්තර්ජාලයට සම්බන්ධ අනෙකුත් තාක්ෂණයන් එක්සත් ජනපද රියදුරන්ට “ඉතා සැබෑ” තර්ජනයක් එල්ල කරන බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ව සජබයටනම් අභියෝගයක් වෙලා නෑ..දැනෙන්නේවත් නෑ - ඊළඟ විකල්පය සජිත්
04:06
Video thumbnail
බොන වතුරේ තියෙන්නේ ගල් කුඩු - බොන්න බෑ මුත්‍රා දැවිල්ලයි..දරුවෝ කෑගහනවා
07:29
Video thumbnail
අපි ඉස්සරහට අවු:40ක් වෙනකල් ත්‍රීවිල් පදින්න දෙන්නේ නෑ - අනාගතය තියෙන්නේ අධ්‍යාපනය අතේ
02:49
Video thumbnail
අවුරුදු 40 ක් වෙනතුරු ත්‍රීවීල් පදින්න බෑ.. රජය ගන්න අලුත්ම තීරණය ගන ඇමති නලින් හේවගේ හෙළිකරයි.
00:07
Video thumbnail
නාමල් ආණ්ඩුවට අනතුරු අගවයි - අවු: 2ක් සද්දෙ වහලා හිටියා..ජනපති යට ගහන්න හදනවා
05:39
Video thumbnail
අවසන් මොහොතේ තම වෛද්‍යවරයා වෙනුවෙන් පවා ගී ගැයූ නන්දා මාලනිය..
00:39
Video thumbnail
නුවර වැවට පැ#න කාන්තාවක් බේරාගත් මෙහෙයුම - මොනවා වෙලාද මේ මිනිස්සුන්ට ?
02:09
Video thumbnail
නුවර වැවට ජම්ප් එකක් දැම්ම තරුණියව බේරාගන්න දිවි පරදුවට තැබූ කොල්ලෝ ටිකට රෙස්පෙක්ට්..
02:25
Video thumbnail
යතුරුපැදියක් - ලොරියක වැදී 25ස් හැවිරිදී තරුණයා එතනම එළොව යයි - බයික් එකත් කුඩේ කුඩු
00:45
Video thumbnail
කාලගුණය උඩු යටිකුරු වන ලකුණු..ඉදිරියේදී වැසි වැඩිවෙයි - සුළං තත්ත්වයේ වැඩිවීමක්
03:40