AFC Banner
Empty Ad
Empty Ad

ඔත්තු බැලීමේ බිය මත චීනයේ නිෂ්පාදිත මෝටර් රථ තහනම් කිරීමට අමෙරිකාව සැරසෙයි

අමෙරිකානුවන් පිළිබඳ ඔත්තු බැලීමට හෝ වාහන අනතුරට ලක් කිරීමට භාවිතා කළ හැකි මෘදුකාංග සහ ඩිජිටල් සම්බන්ධතා පිළිබඳ මාස ගණනාවක විමර්ශනයකින් පසුව බයිඩ්න් පරිපාලනය විසින් එක්සත් ජනපදය තුළ චීනයේ නිෂ්පාදිත වාහන තහනම් කරන නව නීති යෝජනා කර තිබෙනවා.

යෝජිත නීති පැමිණෙන්නේ චීන මෝටර් රථ නිෂ්පාදකයින් ගෝලීය වෙළඳපල තුළ වඩාත් බලවත් වීම, අධි තාක්‍ෂණික වාහන අපනයනය ශීඝ්‍රයෙන් ඉහළ යෑම සහ බටහිර නිෂ්පාදකයින්ට නව අභියෝග එල්ල කිරීම, ස්ථාපිත සංවේදක, කැමරා සහ මෘදුකාංග ඔත්තු බැලීම හෝ වෙනත් දත්ත රැස් කිරීමේ අරමුණු සඳහා භාවිතා කළ හැකි බවට රජයන් බිය පල කරන පසුබිමකයි.

චීනයේ නිෂ්පාදිත වාහන තවමත් එක්සත් ජනපද මාර්ගවල බහුලව දක්නට නොලැබෙන නමුත් යුරෝපයේ, ආසියාවේ සහ අනෙකුත් වෙළඳපලවල බහුලව දක්නට ලැබෙනවා.

නව නීති, එක්සත් ජනපද වාණිජ මණ්ඩලයෙන් එළියට එන ජාතික ආරක්ෂක ක්‍රියාවක් ලෙස විස්තර කර ඇති අතර, වාහන සම්බන්ධතා පද්ධතිය (VCS) සහ ස්වයංක්‍රීය රියදුරු පද්ධතියට (ADS) ඒකාබද්ධ කරන ලද මෘදුකාංග කෙරෙහි අවධානය යොමු කෙරනවා.

එක්සත් ජනපද වාණිජ ලේකම් පැවසුවේ චීනයේ හෝ රුසියාවේ නිෂ්පාදිත වාහන කැමරා, මයික්‍රෆෝන, GPS සම්බන්ධතා සහ අන්තර්ජාලයට සම්බන්ධ අනෙකුත් තාක්ෂණයන් එක්සත් ජනපද රියදුරන්ට “ඉතා සැබෑ” තර්ජනයක් එල්ල කරන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?