මහරගම නගර සභාවේ මන්ත්‍රීවරියකට තවත් මන්ත්‍රීවරියක ගෙන් ප්‍රහාරයක්

මහරගම නගර සභා මන්ත්‍රීවරියකට පහරදීමේ සිද්ධියක් සමබන්ධයෙන් එම නගර සභවේ තවත් මන්ත්‍රීවරියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම පහරදීම ඉකුත් 15 වෙනිදා සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

පහරදීම සිදුකළ බව කියන සැකකාරිය මේ වන විට නුගේගොඩ අධිකරණය වෙත ඉදිරිපත් කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ.

පහරකෑමට ලක්වූ නගර සභා මන්ත්‍රීවරිය මේ වනවිට ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවනවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පැමිණීලි කළ නාගරික මන්තී‍්‍රවරිය ගැබිනියක් වන බවත් සිද්ධියෙන් පසු ඇය තවමත් ජයවර්ධනපුර රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටින බවත් මහරගම පොලිසිය අධිකරණයට කරුනු ඉදිරිපත් කර තිබෙනවා.

කරුණු සලකා බැලීමෙන් අනතුරුව සැකකාර මන්ත්‍රීවරියව ලක්ෂ 2ක ශරීර ඇපයක් මත මුදා හැරීමට නුගේගොඩ මහේස්ත‍්‍රාත් ප‍්‍රසන්න අල්විස් මහතා නියෝග කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?