එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 79 වැනි සැසිවාරයට සහභාගී වීම සඳහා පැමිණ සිටින බංග්ලාදේශයේ අන්තර්වාර රජයට නායකත්වය දෙන මුහම්මද් යුනුස්ට එරෙහිව ඔහු නවාතැන් ගෙන සිටින නිව් යෝර්ක් හි හෝටලයක පිටත විරෝධතා පැවැත්වුණා.
“ආපසු යන ලෙසට” විරෝධතාකරුවන් සටන් පාඨ කියමින් හඬ නැගූ බව මාධ්‍ය වාර්තා කළා.
බංග්ලාදේශයේ සුළු ජාතීන්ට එල්ල වූ බව කියන ප්‍රහාර සම්බන්ධයෙන් බංග්ලාදේශ අන්තර්වාර රජයේ ප්‍රධාන උපදේශක යූනුස්ට එරෙහිව මෙම විරෝධතා පැවැත්වුණා.
ෂීක් හසීනා රටින් පලා ගොස් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසු අන්තර්වාර ආණ්ඩුවක ප්‍රධානියා ලෙස යුනුස් අගෝස්තු 8 වැනිදා දිවුරුම් දුන්නා.
84 හැවිරිදි නොබෙල් ත්‍යාගලාභියා “අපිරිසිදු දේශපාලනයෙන්” බලයට පත් වූ බවට විරෝධතාකරුවන් චෝදනා කළා.
“මුහම්මද් යුනුස් ව්‍යවස්ථා විරෝධීව, නීතිවිරෝධීව බලය ගත්තා. ජරා දේශපාලනයෙන් බලය අල්ලාගෙන මිනිස්සු ගොඩක් මැරුවා. මේ වනතුරු අපේ තේරී පත් වූ අගමැතිනි ෂීක් හසීනා ඉල්ලා අස්වෙලා නැහැ. අපි එක්සත් ජාතීන්ගෙන් නිහතමානීව ඉල්ලා සිටිනවා ඔහු මෙහි බංග්ලාදේශ ජනතාව නියෝජනය කළේ නැහැ. “විරෝධතාකරුවෙකු වන ෂෙයික් ජමාල් හුසේන් ජනමාධ්‍ය වෙත පැවසුවා.





