බංග්ලාදේශයේ සුළු ජාතීන් වෙනුවෙන් නිව්යෝර්ක් හි විරෝධතා

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 79 වැනි සැසිවාරයට සහභාගී වීම සඳහා පැමිණ සිටින බංග්ලාදේශයේ අන්තර්වාර රජයට නායකත්වය දෙන මුහම්මද් යුනුස්ට එරෙහිව ඔහු නවාතැන් ගෙන සිටින නිව් යෝර්ක් හි හෝටලයක පිටත විරෝධතා පැවැත්වුණා.

“ආපසු යන ලෙසට” විරෝධතාකරුවන් සටන් පාඨ කියමින් හඬ නැගූ බව මාධ්‍ය වාර්තා කළා.

බංග්ලාදේශයේ සුළු ජාතීන්ට එල්ල වූ බව කියන ප්‍රහාර සම්බන්ධයෙන් බංග්ලාදේශ අන්තර්වාර රජයේ ප්‍රධාන උපදේශක යූනුස්ට එරෙහිව මෙම විරෝධතා පැවැත්වුණා.

ෂීක් හසීනා රටින් පලා ගොස් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසු අන්තර්වාර ආණ්ඩුවක ප්‍රධානියා ලෙස යුනුස් අගෝස්තු 8 වැනිදා දිවුරුම් දුන්නා.

84 හැවිරිදි නොබෙල් ත්‍යාගලාභියා “අපිරිසිදු දේශපාලනයෙන්” බලයට පත් වූ බවට විරෝධතාකරුවන් චෝදනා කළා.

“මුහම්මද් යුනුස් ව්‍යවස්ථා විරෝධීව, නීතිවිරෝධීව බලය ගත්තා. ජරා දේශපාලනයෙන් බලය අල්ලාගෙන මිනිස්සු ගොඩක් මැරුවා. මේ වනතුරු අපේ තේරී පත් වූ අගමැතිනි ෂීක් හසීනා ඉල්ලා අස්වෙලා නැහැ. අපි එක්සත් ජාතීන්ගෙන් නිහතමානීව ඉල්ලා සිටිනවා ඔහු මෙහි බංග්ලාදේශ ජනතාව නියෝජනය කළේ නැහැ. “විරෝධතාකරුවෙකු වන ෂෙයික් ජමාල් හුසේන් ජනමාධ්‍ය වෙත පැවසුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.01
01:13:01
Video thumbnail
පොහොට්ටුවේ මහ රැළියට සූදානම් වන අයුරු
00:43
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා
01:40
Video thumbnail
කෝටි ගණනක මුදල් වංචා කල මාලිමා මන්ත්‍රී කෙනෙක් රිමාන්ඩ් කරයි ?
00:22
Video thumbnail
ජපන් විශ්ව විද්‍යාලයක සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි
01:33
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ
00:54
Video thumbnail
අසරණ ජනතාවට නොමිලේ ජල බෝතල් බෙදා දුන්න උතුම් මිනිස්සු - "මේ රජය ඇත්තටම වැඩක් නෑ - මොකුත් දුන්නේ නෑ"
04:59
Video thumbnail
ජපන් සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි - බලන්නකෝ හරි අපූරුවට සිංහලෙන් කතා කරපු හැටි
06:00
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ - ඉස්සරහා පොලිසිය නෑනේද බන්
00:58
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා - "මගේ දරුවා ගත්තනම්..මළ කඳ බලන්න වෙන්නේ නෑනේ"
07:55