කොට්ටාව, පන්නිපිටිය ප්‍රදේශයේ පිහිටි පාසැලක ළමුන් 06 දෙනෙකු කොවිඩ් ආසාදිතයින් බවට හඳුනා ගෙන ඇති බව ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරින් සඳහන් කර සිටිනවා.
එම විදුහලේ ප්‍රාථමික අංශයේ ඉගෙනුම ලබන ළමුන් සිව්දෙනෙකු සහ 08 වසරේ ඉගෙනුම ලබන ළමුන් දෙදෙනෙකුට මෙලෙස වෛරසය ආසාදනය වී ඇති බවට සිදුකළ PCR පරීක්ෂණ වලදී තහවුරු වී ඇත්තේ.
මේ අතර ඊයේ දිනයේදී මෙරටින් කොරෝනා ආසාදිතයින් 357 දෙනෙකු වාර්තා වී ඇති අතර ඉන් 70 දෙනෙක් විදේශගතව සිට මෙරට පැමිණි අය වනවා.
මිට අමතරව කොළඹ දිස්ත්‍රික්කයෙන් කොවිඩ් ආසාදිතයින් 63 දෙනෙකු, කුරුණෑගල 50ක්, ගම්පහ දිස්ත්‍රික්කයෙන් 41ක්, කලුතර 18ක්, මහනුවර 11ක්, රත්නපුර 15ක්, ගාල්ල 13ක්, යාපනය 15ක්, පුත්තලම 30ක් සහ පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 08 දෙනෙකු වාර්තා වී ඇත.
මේ අතර මැදවච්චිය නගරයේ පිහිටි රාජ්‍ය බැංකුවක සේවකයින් 04 දෙනෙකු හටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව මැදවච්චිය මහජන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසනවා.
පසුගිය 15 වෙනිදා සහ 17 වෙනිදා සිදුකළ PCR පරීක්ෂණවල අද ලද වාර්තා අනුව මෙම සේවකයින්ට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත.

Hithuwa mehema wei kiyala,minissunta oni widihata රඟපාන diha balala.hodai.minissuth wagakiyanna oni,rajaya itath wada wagakiyanna oni.අවුරුදු kaala,ratath kanawa dan.hodai sathutui.ඉන්දියාවේ wage meheth wenna oni.moda දේශපාලුවෝ,saha moda minissunta therenna.😃😃😃.