මහින්ද වීරකැටියේ ඡන්ද පොළට – මෛත්‍රී පොළොන්නරුවේ දී ඡන්දය ප්‍රකාශ කරයි (වීඩියෝ)

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ 09 වන විධායක ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම වෙනුවෙන් අද (21) පෙරවරුවේ සිය ඡන්දය ප්‍රකාශ කළා.

වීරකැටිය, මැදමුලන ඩී.ඒ.රාජපක්ෂ මහා විද්‍යාලයේ ස්ථාපිත කර තිබූ ඡන්ද මධ්‍යස්ථානයට පැමිණ සිය ඡන්දය ප්‍රකාශ කළ බවයි දසත නිවුස් වාර්තාකරු පැවසුවේ.

මේ අතර හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ද අද (21) පෙරවරුවේ ඡන්දය භාවිත කළා.

පොළොන්නරුව, නවනගරය ශ්‍රී විද්‍යාලෝක විහාරස්ථානයේ දී මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා මෙලෙස ඡන්දය ප්‍රකාශකර තිබෙනවා.