නීති උල්ලංඝනය කරමින් පෝස්ටර්ස් ඇලෙව්වොත් එක් පෝස්ටරයකට දඩය 50,000යි (වීඩියෝ)

මේ වනවිට (20) දිවයින පුරා බලපැවැත්වෙන නිහඬ මැතිවරණ කාලසීමාව තුළ දී එය තවදුරටත් ප්‍රශස්ත අන්දමින් පවත්වා ගන්නා ලෙස මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ ජාතික සංවිධායක මංජුල ගජනායක පවසනවා.

මෑතක දී පාර්ලිමේන්තුවේ දී සම්මත කරගන්නා ලද විශේෂ මැතිවරණ නීති සම්බන්ධයෙන් වන පනත යටතේ මැතිවරණ නීති උල්ලංඝනය කරන්නන් හට ලබාදෙන දඩ මුදල් සහ දඬුවම් ප්‍රමාණය ද ඉහළ බවයි හෙතෙම පෙන්වා දෙන්නේ.

එබැවින් කිසිදු අයුරකින් මැතිවරණය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාලාවල අසත්‍ය ප්‍රචාර පැතිරීම හෝ පෝස්ටර්ස් ඇලවීම හෝ යනාදිය හෝ කණ්ඩායමක් සමග හෝ එවන් නීතිවිරෝධී මැතිවරණ නීති රීති උල්ලංඝනය කිරීමක යෙදුණහොත් සිරගත කිරීම්වලට පවා ලක් විය හැකි බව ද මැතිවරණ නිරීක්ෂණ හා ප්‍රචණ්ඩ ක්‍රියා මධ්‍යස්ථානය පවසනවා.

පසුගිය වසරවල මැතිවරණ නීති උල්ලංඝනය කරමින් පනවා තිබූ පෝස්ටරයක් ඇලවීම සිදු කළහොත් වන රුපියල් 50ක දඩ මුදල් නව පනත යටතේ එක් පෝස්ටරයක් සඳහා රුපියල් 50000ක් දක්වා ඉහළ නංවා ඇති බව ද වාර්තා වනවා.

එබැවින් මංජුල ගජනායක මහතා ඡන්ද දායකයින්ගෙන් ඉල්ලා සිටින්නේ කිසිදු අයුරකින් මැතිවරණ නීති උල්ලංඝනය කිරීමකට යොමු නොවන ලෙසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මම රටට දෙන ආතල් එක රු 1000යි දෙන්නේ - මදිනේ සර් l Archuna
00:42
Video thumbnail
අඟුරු කුමාරයි බාල කුමාරයි එකතුවෙලා කරපු හොරකමක් මේ..විමල් හොදටම අමතයි
10:06
Video thumbnail
ගල් අඟුරුත් බාලයි.. රාජ්‍ය පාලනයත් බාලයි l Sajith l Anura
13:30
Video thumbnail
හා හා කෑවා නේද.. දැන් හිනාවෙන්නකෝ l Namal Rajapaksha
10:57
Video thumbnail
දැඩි විදුලි කප්පාදුවකට යන්න වෙනවා..වෘත්තිය සමිති අනතුරු අඟවයි..මේ බොරුවෙන් රට ගෙනියන්න බැහැ
08:39
Video thumbnail
"කුමාර ජයකොඩියා මඩ නාපු ඌ#ක් වගේනේ.."සුගීෂ්වර, කුමාර ජයකොඩිට හොදටම දෙසයි
05:58
Video thumbnail
"නරි බිරුවා කියලා සිංහයෝ බය වෙන්නේ නෑ"වසන්ත විපක්ෂයට කට උත්තර නැතිවෙන්න දෙසයි
07:43
Video thumbnail
බොරු කියන එකේ සීමාවක් තියෙන්න ඕනි..හැමවෙලේම ඇඟේ ගාගන්නවා..අඟුරු අරගෙන අපි දත් මැද්දා..
02:50
Video thumbnail
පැලවත්තේ පක්ෂ කාර්යාලයේ දැඩි උණුසුම් තත්ත්වයක්..ඔබතුමා පක්ෂ කාඩර්වරයෙක්..ඒකනේ වෙව්ලන්නේ
14:47
Video thumbnail
සුජීව කුපිත වී පාර්ලිමේන්තුවම දෙවනත් කරයි.."චීන අසූචි නැව අනුර කාලද අසූචි කිව්වේ..ජනපති ටොම් පචයෙක්
13:04