AFC Banner
Empty Ad
Empty Ad

සුදු ඉර මත ගැටුණු කතක් බරපතළ තුවාල ලබා ජාතික රෝහලට මාරු කෙරේ(වීඩියෝ)

හොරණ – පොකුණුවිට නගරයේ දී පදික මාරුව මතින් ගමන් කරමින් සිටි කාන්තාවක් රිය අනතුරකට ලක්ව බරපතළ තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.

අප දසත වාර්තාකරු පැවසුවේ; යුද හමුදා කෝප්‍රල්වරයෙකු පැදවූ මෝටර් රථයක් වේගයෙන් පැමිණ අදාළ කාන්තාවගේ ගැටී ඇති බවයි.

මෙලෙස තුවාල ලැබූ කාන්තාව හල්තොට – ලෙනවර ප්‍රදේශයේ පදිංචි 61 හැවිරිදි කාන්තාවක්.

තුවාල ලද කාන්තාව වෛද්‍යවරියකගේ නිවසේ ගෘහ සේවිකාවක් වශයෙන් සේවය කරන අතර ඇය පොකුණු විට නගරයේ දී පදික මාරුව මතින් පාර මාරුවීමේ දී බණ්ඩාරගම දෙස සිට හොරණ දෙසට ගමන් ගත් මෝටර් රථයක ගැටී අඩි 12 ක් පමණ ඈතට විසි වී මාර්ගයේ වැටී ඇතැයි හොරණ මූලස්ථාන පොලිසිය පැවසුවා.

බරපතළ තුවාල ලද කාන්තාව හොරණ මූලික රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.

අපරීක්ෂාකාරී රිය ධාවනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හොරණ බැල්ලපිටිය ප්‍රදේශයේ පදිංචි සැකකාර හමුදා කෝප්‍රල්වරයා හොරණ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම මස 23 වෙනි දින දක්වා රිමාන්ඞ් භාරයට පත් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?